(රංජන් කස්තුරි)
ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින්ද වැඩිකර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.
ඔටෝ ඩීසල්හි මිල කිසිදු වෙනසක් සිදුකර නැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් පහත දැක්වේ.
|
ඉන්ධන වර්ගය |
වත්මන් |
සංශෝධිත |
මිලෙහි වෙනස (රු.) |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
136 /- |
138 /- |
02/- |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
159/- |
163/- |
04/- |
|
ඔටෝ ඩීසල් |
104/- |
104/- |
වෙනසක් නැත |
|
සුපිරි ඩීසල් |
131/- |
134/- |
03/- |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ විහිළුව මිල පහල ගියාම පහළටත් ඉහල ගියාම ඉහළටත් නොයන කාලයක් රඳවා ගන්න පුළුවන් මද්‍යස්ථ මිලක් නියම කරන්න. මහලොකුවට බලයට ආපු ගමන් පැට්‍රොල් මිල අඩුකරලා පඩි වැඩි කරලා දැන් දෙකොන මූට්ටු කරගන්න බැරිව බදු ගහනවා. ඔවුන් පඩි වැඩි කරගත්තා හැරෙන්නට රටේ කිසිම සංවර්ධනයක් උනේ නැත.
එක දෙයක්වත් ස්ථාවරව ගෙන යන්න බැරි ආණ්ඩුවක්.. මේ අයට වැරදෙන කොට කොහෙන් හරි බදුගහලා ජාමෙ බේරගන්න හදන අදාල ක්ෂේත්‍රයේ කිසිඳු දැනුමක් නැති වාචාල මෝඩ සෙට් එකක් තමයි රට හදන්න කියලා රට කන්නේ..
බමුණා හැමදාම බනිනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දාන්නේ නැහැ..
කරුණාකර මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාවද මේ අනුව වැඩිකර දෙන්න. පව් එයාලා.
ඔක්ටේන් 92 සහ 95 අතර ඉන්ධන මිලේ විශාල වෙනසක් තිබෙනවා මේක විශාල අසාධාරණයක්.., ඔක්ටේන් 95 භාවිතා කරන කොට පරිසරයට පිටවන විෂදුම් අඩු නිසා යම් තරමින් පරිසර සුරැකිමක් වෙනවා. හරිනම් රජය 95 පෙට්‍රල් භාවිතයට ජනතාව දිරිමත් කළයුතුය. විෂදුම් අඩු පරිසර හිතකාමී දෙමුහුන් වර්ගයේ වාහන වලට වැඩියෙන් බදු ගහන, දුම්කෝච්චි මෙන් දුම් පිටකරමින්, පාරේ දුවන ලේලන්ඩ් බස්වලට අඩුවෙනුත් බදුගහන, නීති හදන ගමන් එම බදු මුදල් ලීටරයකට කිලෝමීටර 5 වත් යන්න බැරි v8 වැනි වාහන ඇමතිවරුන්ගේ පාවිච්චියට ගන්න දේශද්‍රෝහී පාලකයින් ඉන්න රටක් මේක..
හරි නම් වාහන මෙරටට ගෙන්වනකොට ගහන විශාල බද්ද ලංගම සහ දුම්රිය යන පොදු ප්‍රවාහන සේවා සහ මාර්ග පද්ධතිය දියුණු කිරීම සඳහා පමණක් භාවිතා කළ යුතුය. එතකොට නැති මිනිහාටත් යම්කිසි සහනයක් තිබෙනවා. ඔය ඇමතිවරුන්ට ඉන්ධන අධික ලෙස වැයවෙන වාහන දීම නතර කළ යුතුයි.