
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පනවා ඇති බවට ජනතාව චෝදනා කරති.
ඉන්ධන ලබා ගැනීමේදි රුපියල් දහස, දෙදහස බැගින් ඉන්ධන පිරවුම්හල් වලින් සීමා පනවන බවත් ඔව්හු පවසති.
යතුරු පැදියකට රුපියල් දහසක උපරිමයකුත් මෝටර් රථ සහ බස් රථ සඳහා රුපියල් දෙදහසක උපරිමයකුත් වශයෙන් ඉන්ධන නිකුත් කරන බවද ජනතාව කියති.
දිගු පෝලිම් වල සිට ඉන්ධන ලබා ගැනීමට යාමේදී මෙවැනි සීමා පැනවීමෙන් විශාල දුශ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවන් බවත් ජනතාව පවසති.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
ඔව්.. ඊළඟ පාරත් යූ.එන්.පී හරි පොහොට්ටු හරි දෙකෙන් එකකින් ආණ්ඩුවක් පත් කරගනිමු.. අවුරුදු 75 ක් කළා වගේ.. එතකොට ඔය ප්‍රශ්න මගඇරිලා යයි...
උතුමන්ලාගේ v8 වලට ගන්න ඉතුරුකරගන්න ඕනේ..
පොහොට්ටුවේ ටික අපිට ඉන්ධන සලාක ක්‍රමයත් දුන්නා එහෙනම්. මේ අය අපේ රට කාලා හපයවත් ඉතුරු කරාවිද දන්නේ නෑ. අම්මෝ ලංකාවට වෙච්චි දෙයක්..!
කවුදෝ කියනවා ඇහුණා ලොරිවලට බැරල් පටවා ඒවාට පෙට්‍රල් පුරවාගෙන ගෙනගොස් වැඩිමිලට විකිණීමට (සඟවා) සමහරක් උන්දැලා කටයුතු කරනවා කියලා සොයා බලන්න ඇත්තද කියලා...!
කමක් නැහැ තෙල් තියෙනවා නම්, ගාන වැඩිකරලා හරි කමක් නැහැ... පොලිම්වල ඉන්න ඕනෑ නැත්නම්...!
ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී සීමා පැනවීම මේ අවස්ථාවේ කළ යුතුම දෙයක්. ඊට හේතුව නම් තෙල් හිඟ අවස්ථාවේ ධනවත් උදවිය ටැංකි පුරවා ගත් කල, දුප්පත් මිනිසුන්ට තෙල් බිඳක්වත් නොමැති වීමයි.
හරිම සාධාරණයි. ලැබෙන්නේ සීමිත ඉන්ධන ප්‍රමාණයක් නම් එකෙකුට ටැංකිය පුරෝගෙන යන්න දීම අසාධාරණයි. සාධාරණ විදිහකට බෙදන්න...