IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්ධනහල් සේවකයා උස්සා පොළොවේ ගැසූ දෙන්නා අල්ලයි

(බුද්ධික කුමාරසිරි)

මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයාට පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සැකකරුවන් පාදුක්ක ගලගෙදර සහ වැටරැක ගාලබැඳිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 24 සහ 36 වයසේ පසුවන්නන් බව ද පොලිසිය සඳහන් කරයි. 

මුඛ ආවරණයක් නොමැතිව පැමිණී සැකකරුවන්ට දුරස්ථභාවය රැක ගන්නා ලෙස දැනුම් දීම මත  උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ පහරදී උස්සා පොළෙවේ ගසන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.

එම පහර දීම වැලැක්වීම පිණිස, එම ස්ථානයට පැමිණි පිරවුම්හලේ තවත් සේවකයකුට ද අදාල පුද්ගලයන් පහර දී ඇතැයිද පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ ඉන්ධනහලේ සේවකයා  කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (16)

ඉන්ධනහල් සේවකයා උස්සා පොළොවේ ගැසූ දෙන්නා අල්ලයි

Dilshan Thursday, 07 October 2021 11:14 AM

රටේ සමාජ පන්ති වල විශමතාවය පේනව නේද? අවුරුදු 24 කියන්නේ ළමයි උසස් අධ්‍යාපනය ලබන, රැකියාවන් කරන වයස. මෙහෙම චණ්ඩි කම් කරන්නේ කාගේ උවමනාව ටද? ඒ ළමයාව දැක්කහම වුණත් පේනවා අසරණ කමෙන් පීඩනයට පත්වුණ කෙනෙක් කියලා.

:       12       1

Senarath Thursday, 07 October 2021 11:16 AM

මේ වගේ මැරයන්ට හොඳ දඬුවමක් දෙන්නම ඕනේ .ඒ සේවකයාට පහර දුන්නේ තිරිසනෙකුටත් අන්ත විදියට

:       0       12

Raveendra Thursday, 07 October 2021 11:32 AM

අපගේ ඇස් වල දුර්වලතාවයක්ද මන්දා ,මෙම පහරදීම සිදුකල ( පිරුවුම්හලේ සේවකයාව උස්සල පොළොවේ ගැසූ ඒ මුර්ගයා ටිකක් උස මහත බල්ලෙක්) නමුත් මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ වෙනත් පුද්ගලයෙක්ද ? සමහරවිට අපගේ ඇස් නොපෙනීමක් විය හැකිය. කෙසේ වෙත්ත මෙම බල්ලන් දෙදෙනාටම තමන්ගේ ඒ ආදරණිය මව්වරුන් ගෙන් බිව් මිල කළ නොහැකි ඒ මව්කිරි මතක් වෙන්නම දෙන එක දිය යුතුය.

:       5       30

පැරකුම්Thursday, 07 October 2021 12:51 PM

ඔබ හරි. මටත් එහෙම හිතුනා .කොහොම උනත් උසාවියෙන් ලැබෙන දඞුවම නම් කොහෙත්ම මදි. වෙනත් විකල්ප දඞුවම් ක්‍රමයක් සොයා ගත යුතුවේ.

:       1       8

ගමරාළThursday, 07 October 2021 01:59 PM

ඔතන ඉන්න රෝස පාට ටී ෂර්ට් එක ඇඳපු එකා නම් බයිසිකලයට තෙල් ගන්න ආ එකා තමා. නුමුත් එතනට පැමිණි මහත එකා නැහැනෙ .මුන්ට කිසිම ඉන්ධන හලකින් ඉන්ධන ගැනීමට නොහැකි වන ලෙසට කටයුතු කල යුතුය (සියලු ඉන්ධන හල්ව ලම මුන්ගේ පිංතූර ප්‍රදර්ශනය කිරීමෙන් එය කල හැකිය ) බලමුකෝ සෞඛ්‍ය නීති කොහොම ක්‍රියාත්මක වෙනවාද කියලා

:       2       8

Nihal Thursday, 07 October 2021 11:33 AM

අදිකරණයට ඉස්සෙල්ලා පොඩි බයිට් එකක් දුන්නා නම් තමයි හොඳ

:       3       16

Royfedricks Thursday, 07 October 2021 11:35 AM

අනේ අපේ රටට ගියකලක්.එකෙක්වත් නීතියට ගරු කරන්නෙ නැහැනෙ.අර අසරන මිනිහා රස්සාව කරන්න ඇවිල්ල කොන්ද කඩා ගත්තා.මේ නාටුහාමිලා දෙන්නට පුලුවන්ද මිනිහෙක් උස්සලා පොලොවෙ ගහන්න. හරියට මන්ද පෝශනේ හැදිච්ච එවුන් වගේනෙ. ඒක නෙවෙයි අර ලොරි ඩ්‍රයිවර්ට උඩ පැනලා ගහපු පොලිස් කාරයට මොකක්ද උනේ? මොකුත් නැහැ නේද?

:       2       12

kamal Thursday, 07 October 2021 11:41 AM

මේ දෙන්නා දේශපාලනයට සම්බන්ද නැතිව වගෙයි

:       2       15

PereraThursday, 07 October 2021 01:24 PM

කව්ද දන්නේ .චෝදනා ඉල්ලා අස් කරගන්න තව කල් තියනවා

:       0       6

Akila Thursday, 07 October 2021 12:29 PM

උස්සලා පොලවේ ගැසූ උස මහත පුද්ගලයා ඔතන නැහැ

:       0       8

Kahandawala Thursday, 07 October 2021 12:35 PM

කොහොමත් අපේ රටේ ගුටිකන අය තමයි වැඩි. ඕක හොදයි, අනේ අපිට ගැහුව කියල කියන්න ගිහාමත් ගුටි කනවනේ අපි.

:       0       2

Saku Thursday, 07 October 2021 01:09 PM

විදේශ රටක වුනානම් ඉන්දන පිරවුම් හලේ සේවකයා මිලියනපතියෙක් වෙනවා.. ලංකාවේත් එහෙම නීති තිබුනානම් ...

:       0       7

Kule Thursday, 07 October 2021 01:17 PM

මෙවන් තිරිසනුන්ට වසර 5 ක් යනතුරු සෑම ඉරිදාවකම උදේ පාන්දරම පොලීසියේ පෙනී සිටින්න කියා නියෝගයක් ලැබුනොත් නියමයි

:       0       8

Sk Thursday, 07 October 2021 01:48 PM

මතක හිටින්න සිරගත කරානම් හරි

:       0       5

Ruhunu Thursday, 07 October 2021 02:01 PM

නරියෙක් ඉදිරියේ පොලිසිය සිංහයෝ වෙලා

:       4       5

BamunuarachchiSaturday, 09 October 2021 05:32 PM

මෙයාට පොලිසියෙන් ජරමරයක් වෙලා තිබෙනවා වගෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site