(ආරියරත්න රණබාහු සහ සමන්ත යහම්පත්)
දශක ගණනාවක් දෙස් විදෙස් සංගීත රසිකයින්ගේ ජනාදරයට පත්ව සිට ගුවන් විදුලි හා චිත්‍රපට ප්‍රවීණ ගායන ශිල්පීනි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභවප්‍රාප්ත වුවාය.
1936 ජුලි 15 වැනි දා ඇය උපත ලැබුවාය. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු දිවංගත සිසිර සේනාරත්න මහතාගේ බිරිඳ වු ඇය මිය යන විට 83 වියේ පසුවුවාය. ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එවකට ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ සරස්වතී මණ්ඩපය තුළින් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය දශක හයකට ආසන්න කාලයක් සිය මයුර හඬින් සංගීත රසිකයන් පිනවුවාය.
රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන සෙනහස, සුදුසදේ, කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වෟ ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කළාය.
ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ යන ගීත වේ.
ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය.
COMMENTS
මිහිරි හඬක් හිමි මෙන්ම සුන්දර ගීත රසවිඳීමට අප හට දායාද කළ ඔබතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.!!!
දකුණු ඉන්දියානු ගායිකාවන් සිංහල චිත්‍රපට පසුබිම් ගීත නුහුරු බසකින් ගායනා කරුනු ඇසුණු යුගයක රේඛාව චිත්‍රපටිය තුළින් ඇය සිංහල කාන්තා හඬ සිනමාවට හඳුන්වා දුන්නා. අවුරුදු 60කට පෙර ඇය ගැයූ ගීත අදටත් එකසේ ජනප්‍රියයි. එත් මේ FM නාලිකා හා පෞද්ගලික රුපවාහිනි නාලිකා තුළින් බලහත්කාරයෙන් ශ්‍රාවකයා තුළට ගෙන එන්නට වලිකන නව සංගීත විලාප රැල්ල හරහා ඇය වැනි ප්‍රවීනයින්ගේ නිර්මාණ අපේ දූ දරුවන්ගේ සවන් වලින් ඈත්කර තැබීම අද දවසේ අප අත්විඳින ඛේදවාචකයයි.
ඉතාම කණගාටුදායක ආරංචියක්... ඇයට නිවන් සුව ලැබේවා..!!!
ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයට විශාල සේවයක්... ප්‍රතිභාපූර්ණ කලාකාරිනියකගේ නික්ම යාමක්... සසර ගමනේ කෙළවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා..!!!
අනේ මෙච්චර වයසක මන්ත්‍රීවරුන් ජීවත් වන රටක ඇයි කලා කාරයන් ඉක්මනට මැරෙන්නේ?
සඳපානේ පිපුණු අහිංසක මල වියැකී ගිහින්. තවත් සුන්දර හදක සමුගැනීම... සුබ ගමන් !!! නිවන් සුවය ලැබේවා..!!
ඔබට නිවන් සුව !!!...
ආදරෙයි මම ආදරෙයි.... ධම්මි තවමත් ආදරෙයි...
විශාල කණගාටුවක්... !!! මම කුඩාකාලේ පටන් ඔබගේ ගීතවලට සවන් දුන්නා.. විශේෂයෙන් වෙසක් කැකුළු, මේ ගීතය දැනුත් අහනවිට මගේ කුඩාකාලය" " වෙසක් කුඩු හදන හැටි මතක් වෙනවා... මව්නි, ඔබට නිවන් සුව..!!!
නිවන් සුව පතමු ...!!!
ඔබ සහ ඔබේ ආදරණීය සැමියා සිසිර සේනාරත්න ගීත කලාවට කළ සේවාව අමරණීයයි. නිවන් සුව පතමි...
ඔබ අපගේ.. සවනට මිහිරි හඬකින් කොඳුරාපු සෑම .."" ලස්සන හැගීමකටම...සිතුවිල්ලකටම "" අපි ඔබ තුමියට ගොඩාක් ස්තුතිවෙමු.. අමතක නොකරමු .
එකම මොහොතක් ඉන්න ඇත්නම් වෙලී ඔබ සුවඳේ… ඔබේ කටහඬ තාම මතකයි, සීනයෙන් තැවරූ සුවඳ සේ... ඇත සිට ඔබ මා අමතනවා දෝ අදත් මිහිරේ…
ඔබ සංගීත ක්ෂේත්‍රයට කල මෙහෙය මිලකළ නොහැකී, ඔබට නිවන්සුව පතමි.
මෙය තාවකාලික සමුගැනීමක්. දුක් සහිත ලෝකයේ නැවත ඉපදීමක් නොමැති ස්ථිර සමුගැනීමකට මිනිසා දක්ෂ විය යුතුයි . ඒ සඳහා රහත් භාවය ලබා පිරිනිවනයට පත්විය යුතුමයි . අවශ්‍ය නම් උසස් මනසක් ඇති මිනිසාට එය නොකළ හැක්කක් නොවේ.
මගේ ප්‍රණාමය...!!!
සුන්දර ගීත අප ඔබගෙන් රසවින්දා මතකයිනේ..// ඒවා කිසිදා අමතක නැති බවනම් ස්තිරනේ..// අමරණිය මතක සටහන් තිබු ඔබ අද නැතුවානේ..// පතනවා නිවන් සුව ඔබතුමියට අප සැම අද දිනේ..//
එදා ඔබගේ ගීතවලින් සිංහල ගීතයේ නව රැල්ලක් ඇති කල බව මට සිතේ.. එදා එසේ නොවුවානම් අදත් අපි හින්දි සින්දු තනුවලට සිංහල වචන යොදා ගීත ගයනු ඇත... ඔබ දකින විට මට සිහිවන්නේ මගේ අම්මාය.. මගේ අම්මටත් එවැනි කටහඬක් තිබුණි. එම සින්දු කුඩා කළ ගයන අයුරු සිහිවේ.. කුඩා කළ අපි ඔබ දෙපලගේ සින්දු ගයන්නේ පවුලේ සියලු දෙනා සමගිනි.. මෑණියනි ඔබට නිවන් සුව...
නිවන් සුව ලැබේවා ඔබතුමියට...!
මේ අද වැටෙන්නේ මහා වනස්පති වෘක්ෂ , හැබැයි මේවට ආදේශක හැටියට මොනවත් නැහැ . කාගේ හරි ගීතයක් හරි නැත්නම් වීඩියෝවක් කරලා හරි ගානක් හොයා ගන්න ටිකක් දැන් ඉන්නේ..... මොනවා උනත් " සිසින්ද්‍රා : -සිසිර සහ ඉන්ද්‍රානි අමරණීයයි අපේ හදවත් තුල සිසිරගේ මදුර මිහිරි ස්වාදීන තනු අපි ඉන්ද්‍රනිගේ හඬින් ආසාවෙන් අහගෙන හිටිය
මිහිරි හඬක් හිමි මෙන්ම සුන්දර ගීත රසවිඳීමට අප හට දායාද කළ ඔබතුමියට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.!!!
සදා නොමියෙන ඔබේ කට හඬ සහ ගීත අදටත් රසවිඳින්නෙමි. ඔබට අමාමහ නිවන් සුව පතමි.
සදා මතකයේ රැඳෙන සුමිහිර මුදු සවනක නිමාව, ඔබතුමියට අමා මහ නිවන් සුව පතමු..!!!