
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ඔක්තෝබර් මුලදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම සංචාරයේ දී ප්‍රධාන පෙළේ ද්විපාර්ශවීය ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
මෑතකාලයේ දෙරට අතර සම්බන්ධතා තරමක් දුරට පළුදු වූ අතර මෙම සම්බන්ධතා නැවත ශක්තිමත් කරගැනීමටත් ඉහළ පෙළේ සාකච්ඡා ආරම්භ කිරීමටත් යන කරුණු මුල් කරගනිමින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ද නවදිල්ලියේ නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් අතර හමුවක් නිව්යෝක් නුවර දී ඉකුත් දිනෙක පැවැත්විණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අතරවාරයේ දී එම හමුව පැවැත්විණි.
ඔක්තෝබර් 2 වැනිදා සිට 5 වැනිදා අතර දිනවලදී මෙම සංචාරය සිදුවනු ඇතැයි ‘ද හින්දු’ පුවත් වාර්තා වේ දැක්වේ.
දෙමළ ජනතාව, දෙමළ සහ මුස්ලිම් සුළුතර ජන කොටස්, ඉන්දියානු ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘතිවල මන්දගාමී ප්‍රගතිය, චීනයේ භූමිකාව යන කරුණු සම්බන්ධයෙන් මෙම සංචාරයේ දී අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.
‘ද හින්දු’ ඇසුරිනි
2025 දෙසැම්බර් මස 18
645
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් ඔක්තෝබර් මෙරටට
Hafeel Thursday, 30 September 2021 03:28 PM
මේ පාර රටේ මොන සම්පත්ද විකුණන්න යන්නේ...?