නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ව්‍යාප්තිය අවම වන පරිදි රාජකාරි කටයුතු සිදුකෙරෙන බැවින් කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවා ඉටු කිරීමේදී ඇතැම් විට වැඩි කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විවිධ ක්ෂේත්‍රවල නියැළි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් වීසා සහ කොන්සියුලර් සේවා සඳහා ඉල්ලීම් රැසක් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලැබී ඇති බවත් සෑමවිටම මෙන් මහ කොමසාරිස් කාර්යාලය සහ කාර්ය මණ්ඩලය එම ඉල්ලීම් හැකි උපරිම අයුරින් ඉටු කිරීමට කැප වී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සැලකීමේදී නිල මූලාශ්‍ර (https://hpb.health.gov.lk/) අනුව කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අවාසනාවන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ද රට තුළ දක්නට ලැබෙන බවත් ඒ අනුව මහජන සෞඛ්‍යය සැලකිල්ලට ගෙන මහ කොමසාරිස් කාර්යාලය සේවකයන්ගේ පැමිණීම සහ කාර්යාලයේ හැසිරීම කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය අවම වන පරිදි සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
ඒ අනුව ඇතැම් විට කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවාවන් ඉටු කිරීමට වඩා වැඩි කාලයක් ගත වනු ඇත.
එබැවින් මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා සහ කොන්සියුලර් සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන අය මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් තම කටයුතු සැලසුම් කරගන්නා ලෙස මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd