
(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දියාව, අසල්වැසි රටක් සමඟ මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශීය නායකයකු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙය විය. අග්‍රාමාත්‍යවරු දෙදෙනාම මෙහිදී සංහිඳියාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්හ.
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා, දෙමළ ජනතාවගේ අභිලාෂ වෙනුවෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ද කළේය.
ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර, දෙරටට බලපාන ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් විය යුතු කලාපීය හා ජාත්‍යන්තර කරුණු රැසක් පිළිබඳව අගමැතිවරු දෙදෙන සාකච්ඡා කළහ.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
දැන් ඉතිං මොකක්ද වෙන්නේ? අයියෝ... අපි 13 අයින් කිරීමේ සන්සද හිටන් හදාගත්තා. ඒවට මොකද කරන්නේ?
ඡන්දෙකාලේ අහිංසක නූගත් මෝඩ මිනිස්සුන්ට "මහා ලොකු කෙරුම් කරනවා.. අරක විසි කරලා දානවා.. මේක කරනවා.. මම මෙහෙම කරනවා." කියලා අහස උසට බොරු බේගල් කන්දක් දෙසාබාපු මහාලොකු කෙරුම්කාර දේශපාලුවෝ, ස්ටේජ් එකේ චණ්ඩින්, දැන් මොකද කියන්නේ? 13 විතරක් නොවෙයි. ඊටත් වඩා එහා ගිය 13 දෙනවා කියලා ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සින්ට දණගහලා වැඳවැටිලා පොරොන්දු වුනේ.. 69 ලක්ෂයක මෝඩ බයියන් තමන්ගේ රජෙක් ලෙස සලකන මහින්ද රාජපක්ෂයි. බොරු රජා ඇතුළු කට්ටියක් හිතුවේ මෝදී කියන්නේ මෝඩයෙක් කියලා. දැන් ඉතින් දීපල්ලකෝ උත්තර...
අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවෙයි. ස්වාධීන රජයක්.
ඒවා කොහෙද අපේ සර් ඉන්නකන්, ආයේ ඉන්දියාවට ඕන ඕන විදියට නටන්න හම්බෙන්නේ නැහැ.
දැන් ඕකද වෙන්නේ
අල්ලපු ගෙදර අයියා පාට් දානවද අපට...... අත අබරලාම 13 දෙන්න කියනවා නොවේද.... අයියා උනත් ඒ අල්ලපුගෙදර කෙනා නොවේද......
හිතේ ඇති, බොරුවට බුදු පිළිම දෙකක් පිටිපස්සේ දාගෙන අපි රවටන්න නේද හැදුවේ.?
වලිගය විසින් බල්ලා වනනු ලබයි, ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් ස්වාධීන රාජ්‍යයක් නොවේ.
අනේ මේ මොදි ඔයාගෙ රටේ දවසකට වැඩි වෙන ආසදිතයන් ගනන අඩුකරගන්න විදියක් ගැන බලා ගන්න. නිකන් අනුන්ගෙ සීනි කිරන්නේ නැතුව.
අම්මප මොදි එනවද කියවන්නට චක්කරය.... 13 වරක් චක්කරයක් නැති බව දන්නැද්ද... 12 වරක් චක්කරයයි තියෙන්නේ අන්තිමට පොතේ..... 13 ගැන ඇසුවොත් අනිනව ටොකු නැති වෙන්න...
මේ ගැතිවීම පිටිපැස්සෙත් ඉන්නේ බැසිල්. එල්ටීටී එක ඉවර කලාට පස්සේ 13 අහෝසි නොකර, 13 ප්ලස් කියලා තිබ්බටත් එහා ගිය බලතල පොරොන්දුව බැසිල්ගේ. 20 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න විතරක් නෙමෙයි, ජනාධිපති තනතුරටත් පත් වෙන්න තියෙන බාධාව ඉවත් කිරීම ලංකාවේ ස්වාධිනත්වයට සහ ස්වෛරීභාවයට ඉතාම අහිතකර වෙන්නේ මේ වැනි රටට වින කටින පුද්ගලයන් රටේ පාලනය අල්ලගන්න නිසා. 19 අහෝසි කරනවලු, හැබැයි දෙවතාවකට වඩා ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි වගන්තිය ඉවත් කරන්නේ නැහැ. හේතුව එහෙම කලොත් ගෝඨාභයට තමන්ගේ ඇමරිකන් කොන්ත්‍රාත්තුව වන මහින්දව දේශපාලනයෙන් ඉවත් කිරීම කරන්න බැරි වෙන නිසා. ඒ විතරකුත් නෙමෙයි තමන්ගෙන් පස්සෙත්, නැවත ශ්‍රී ලංකා පුරවැසියෙකුට රටේ ජනාධිපතිකම ගන්න බැරි වෙන්න පාර සැකසීමත් කොන්ත්‍රාත්තුවේ අංගයක්. අනික ඉන්දියාවටත් ඇමරිකාවටත් ලොකුම හිසරදය වුනු, 1978 ව්‍යවස්ථාවේ බලගතුම වගන්තිය වන "ලංකාව ඒකීය රටක්" කියන එක 20 වෙනි සංශෝධනයේ නැහැ. නොඉපදුන හෝ මැරුණු සිංහලයෙක්ට ඇරුනහම අනිත් ඕන සිංහලයෙක්ට තේරෙනව ගෝඨාභය, බැසිල් 20න් කරන්න හදන, නැවත හැරවිය නොහැකි, මහා පාවා දීම.
කවදා හරි දවසක covid 19 ඉවර වුණත් ඔය ක්‍රමය හොඳයි. හේතුව 25ක් 30ක් එකයි යන්න ඕනෙත් නැහැ. ඒ සඳහා යන මුදලත්, කාලයත් සම්පූර්ණයෙන්ම ඉතිරි වෙනවා. හවසට කට්ටියට ගෙදරත් ගියැකි. කාට හරි රට සවාරි යන්න වුවමනා නම් තමන්ගේ පෞද්ගලික ධනයෙන් ඕනම තූත්තුකුඩියක ගිහින් එන්න පුළුවන්. බලන්න කොච්චර සරලද කියලා.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වන අතර බුද්ධාගම සාමයේ ආගමකි. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ඔබ ස්තූතිවන්ත විය යුතු නමුත් සමහර ජාතීන් ඔවුන්ගේ කරුණාවෙන් අනවශ්‍ය ලෙස ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අතර දෙමළ ජනයාට ගෞරවය නොලැබෙන බව ඔබ සිතන්නේ නම් ඔවුන් සියල්ලන්ම අමතන්න ඔවුන්ගෙන් නැවත ඉන්දියාවට ගොස් ඔවුන්ව චෙන්නායි හි පදිංචි කර ඔවුන්ගේ අයිතිවාසිකම් නැවත පණගන්වන්න, අප විසින් නොකළ යුතු දේ කිරීමට අපට බල කරන්නේ නැත.
බලමුකෝ මොදිගේ ඉල්ලීමත්, අපේ කෙලින් තීන්දු තීරණ ගන්න කියන නායකයාගේ ක්‍රියාමාර්ගයත්.
රජය ක්‍රියාත්මක වෙන්නේ 69 ලක්ෂෙ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට.
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයට අනුව, ඉන්දීය අගමැති මෝදි, ඇමරිකන් ඩොලර් මිලියන් 15ක ප්‍රදානයක් ලංකාවට පොරොන්දු වෙලා තියෙනවා රටවල් දෙක අතර බෞද්ධ සම්බන්ධතා ඉහල නැංවීමට. මට මේ ප්‍රදානයේ කොන්දේසි ගැන ලංකාවේ පත්තරවල හොයා ගන්න බැරි වුනා. නමුත්, විදේශ පුවත්පත් වල මේ ප්‍රවෘත්තියට ඉතාම ඉහල ප්‍රසිද්ධියක් දීල තියෙන්නේ මොකොද කියල මේ විස්තරය බලපුවහම තේරෙයි. ඩොලර් මිලියන් 15කට ඉන්දියාව ඉල්ලනවා, "බෞද්ධ ආරාම ඉඳිකිරීම සහ ප්‍රතිසංස්කරණය, ධාරිතා සංවර්ධනය, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යාත්මක සහයෝගිතාවය සහ ගෞතම බුදුන්ගේ ධාතු ප්‍රදර්ශනය කිරීම." අගමැතිතුමා, මේක අපට හානිදායක ගනුදෙනුවක්. ඩොලර් මිලියන් 15කට ඉන්දියාවට මේ දෙන්න හදන්නේ අපේ බෞද්ධ සංස්කෘතියේ අයිතිය. ඔවුන්ට පුරාවිද්‍යා කැණීම් කරන්න අයිතිය. ඉන්දියානු ක්‍රමයට අනුව ආරාම ඉඳි කරන්න සහ ප්‍රතිසංස්කරණය කරන්න අයිතිය. ඉන්දියාව මේ හදන්නේ රාජ්‍ය මට්ටමෙන්, නිල වශයෙන් බුද්ධාගමේ අයිතිය අරගන්න. මේක සම්බන්ධ කිසි ලියවිල්ලකට අත්සන් කරන්න එපා. මේ සල්ලි ගන්නත් එපා. මේ හදන්නේ ඔබ හරහා ලංකාවම උගුලකට හව් කරගන්න. අනේ, මෙච්චර දෙයක් තේරෙන්නේ නැත්ද?
ඔය පැත්තේ ගොඩක් කොවිඩ් ප්‍රශ්න නේද... ඒවා බලාගත්තනම් නරකද.?
ඉන්දියාවේ 12 පළමුව ක්‍රියාත්මක කරන්න, උතුරු දකුණු බේදය ඉවතලන්න කියන්න, ජනතාවගෙන් බාගයකට වැසිකිලි පහසුකම් නැහැ ප්‍රශ්න බොහොමයක් තියෙනවා නේද.?
ඔන්න ආයෙත් පාරක් මෝදි මහත්තයා තමන්ට අදාල නැති දෙයකට ඇඟිලි ගහන්න, නැත්නම් හොට දමන්න එනවා.
ඉන්දියානු ඉල්ලීමෙහි වැරදි සඳහන් කර ඇත. යම් සීමාවන්ට යටත්ව 13 වන සංශෝධනය ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාව නිදහස් රටකි. ඉන්දියානු රාජ්‍යයක් නොවේ. අපේ රටට අවශ්‍ය දේ ක්‍රියාත්මක කිරීමේදී අපගේ ගැටලු විසඳා ගත හැකිය.
අනුන්ගේ රටක දහතුනක් ඉල්ල ඉල්ල ඉන්නෙ නැතුව තමන්ගේ රටේ මිලියන ගණනින් ඉහල නගින කොරෝනා වසංගතය පාලනය කර ගන්න...
ජනමත විචාරණයකට යන්න. ආණ්ඩුව ජනමතයට ගරු කල යුතුයි. අපි ඉන්දියාව නෙවෙයිනේ.
නැගී සිටියහැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී කියමන දන්නා මෝදි පමණක් නොව ඉන්දියාවම කැමති නැහැ ලංකාව එක්සත්ව සිට දියුණුවක් ලැබීමට. රාවණාගේ කාලයේ සිටිම මේරට විනාශකිරීම් කිරීමටත් ඉන්දියාව කටයුතු කලා. මෙරට ඉහලම තාක්ෂණයෙන් යුක්ත තත්වයකට පත්කලායැයි කියන රාවණා රජතුමා සමග ඉන්දියානුවෝ කොතරමි වෛරයෙන් සිටීද කියලා දැනුදු රාවණා රජතුමාගේ පිළිරුව සාදා වාර්ෂිකව පිලිස්සීමෙන්ම පැහැදිලි වෙනවා නේද.?
අපේ රට පාලනය කරන්නේ ඉන්දියාවට ඕන කරන විදියටද.? එහෙනම් ඉතින් මෝදිටම මේක බාර දුන්නාම ඉවරයිනේ.
කොහොමත් මේගොල්ලෝ දන්නේ අපේ රටේ දියුණුවට අකුල් හෙළන්න. මෙච්චර කාලයක් කරපු දෙයක් තියෙනවද.?
රටේ දේවල් හොයලා ඒ දේවල් වලට විසඳුම් දෙනවා වෙනුවට අල්ලපු රටේ දේවල් හොයන්නේ මොකටද?
ඉන්දියාව අපේ රට රූකඩයක් කරන්න හදනවා වගෙයි.
පපුවට ගහගෙන ඡන්ද ටික බලාගෙන දහතුණට එහා ගිය එකක් දෙනවා කීවනේ. දැන් මොකද කියන්නේ ඒ ගැන අගමැති තුමා.
ඉන්දියාවෙන් ච්නෙන් අතමාරු ඉල්ලගෙන ජිවිතේ ගැට ගහනවානම් ඒගොල්ල කියන විදියට ජීවත්වෙන්න වෙනවා.
මෙයට මූලික හේතුව වූයේ පසුගිය අවුරුදු 70 තුළ අපි ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමට පැමිණීමයි. ඒ නිසා අපි ආර්ථික වශයෙන් දියුණු රටවල් බලකරන ආකාරයට ක්‍රියාකර ඇත. අප මේතරම් අසරණ වීම ගැන කණගාටුවක් පවතී.
ඉන්දු-ලංකා ගිවිසුම කොටි විසින් කඩා දැම්මේ අවුරුදු 32කට කළින්.. කොටි නිරායුධ කිරීමට බැරිවුණු නිසා ඉන්දියාව ගිවිසුමේ තමන්ගේ කොටස සම්පූර්ණ කර නැහැ. අපි කුමටද අලේ කොටස් ඉෂ්ඨ කරන්නේ? ඔය ගැන අහන්න ඕනේ ඉන්දියාවෙන් නොව, අපේ ජනතාවගෙනුයි. ජනමත විචාරණයක් තියන්න.
ඉන්දියාව සම්බන්ධව අප මුහුණ දෙමින් පවතින යථාර්ථය පොදු ජනතාව අවබෝධ කර ගත යුතු වේ. ඉන්දියාව අපට එරෙහිව කොටි ත්‍රස්තවාදීන් පුහුණු කර යුද්ධ කිරීමට යොමු කළේත් ඉන්දු ලංකා ඊනියා සාම ගිවිසුම හරහා රට බෙදීමට මාර්ගය සලසන පළාත්සභා ඇති කළේත් ඒ මගින් ඉන්දියාවට ලංකාව අනාගතයේදී සම්පූර්ණයෙන් යටත් කර ගැනීමේ අරමුණැතිවයි. එම නිසා රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශ වලදී ඉන්දියාව තම සැබෑ දුෂ්ට අරමුණු වසන් කිරීමට මොන සුන්දර කතා කීවත් අප අවබෝධ කර ගත යුතු සත්‍ය නම් ඉන්දියාව අප ප්‍රධාන සතුරා බවයි. සාමාන්‍ය ජනතාව ලෙස ඉන්දියාවට එරෙහිව අපට කළ හැකි දේ නම් හැකිතාක් දුරට ඉන්දියානු භාණ්ඩ (විශේෂයෙන් ඉන්දියානු තෙල්) වර්ජනය කිරීමයි.
තමන්ගේ කොළනියක පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ කෙනෙක් හැටියට එයාට අයිතියක් තියනවා මේ වගේ තීරණ ගන්න. අතපාන කොට හොඳයි. තීරණ ගනිද්දී තමයි නරක...
ලංකාවේ 75% ජනතාව කියනවානම් 13 එපා කියලා මෝදි කවුද 10% ජනතාව වෙනුවෙන් 13 දෙන්න කියන්න.
අනේ මෝදි මහත්තයෝ කාශ්මීරයයි, චීනයයි, පාකිස්ථානයයි එක්ක තියෙන ප්‍රශ්ණයි, කොරෝනා ප්‍රශ්ණයයි විසඳගන්න. මෙහෙ ප්‍රශ්ණ අපි බලාගන්නම්.
ඔව්, මෝදිට 13 ඕනේ කියනවා නම් අරගෙන තමන්ගේ රටට යන්න කියන්න. අපටනේ එපා කියන්නේ. අපේ හිටපු නායකයින් කියන නිවටයන් අත්සන් කරපු ගිවිසුම එදාත් රටේ ජනතාව එපා කිව්වා. අදත් එපා කියනවා. මේක ස්වාධීන ස්වෛරී ප්‍රජාත්ත්‍රවාදී රටක්. තමන්ගේ රටම අපරාධකාරයින්ට බාරදීලා දැන් අපට බලපෑම් කරන එක ජාත්‍යන්තර නීතියටත් පටහැනියි. පටන් ගමුද ආයෙත් ඉන්දියන් භාණ්ඩ වර්ජනයක්... ඒක ලෝකෙට කියලා දුන්නෙත් ඉන්දියාවේ ගාන්ධිතුමා නිසා ඔවුන්ට විරුද්ධ වෙන්නත් බැහැනේ...
මේක මොදිගේ රටද.?