IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වන්න සාකච්ඡා

(ලක්ෂ්මී ජයකොඩි)
 
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී  ලාංකිකයන් ගෙන්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවේ පෙන්වා දුන් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
 
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන්, එම සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, සේලවම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද(07) කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදි ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී කළ සාකච්ඡාව පිළිබදව කළ විමසීමට පිළිතුරුදෙමින් ඔහු මේ බව කීය.
 
ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් බොහෝදෙනෙකුට මෙරටට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට ඔවුන්ගේ මුල් ඉඩකඩම්වල හමුදාව රැදී සිටින නිසා බවත්, එබැවින් එම සරණාගත ලාංකිකයින්ට මෙහි පැමිණ ජීවත්වීමට අවශ්‍ය නිවාස යටිතල පහසුකම් හා ජීවනෝපාය මාර්ග සකස් කරදිමට ඉන්දීය රජය කටයුතු කළ යුතු බවත් ජයශංකර් මහතාගෙන් සිය සන්ධානය ඉල්ලා සිටි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 
ශ්‍රී ලංකාව සඳහා වන යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදි දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ අවධානයට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.
 
මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ යෝජීත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කොට ඇති යෝජනා ඇතුළත් වාර්තාවේ පිටපතක්ද ජයශංකර් මහතා වෙත ලබාදීමට කටයුතු කළ බවය.
 
විශේෂයෙන් මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ කළ ප්‍රකාශය වෙනුවෙන් සිය සන්ධානය ජයශංකර් මහතා වෙත සිය ස්තුතිය පුදකර සිට බවද ඔහු කියා සිටියේය.
 
උතුරු නැගෙනහිර පළාත් වල සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජය දායකත්වය දක්වන්නේ නම් සිය සන්ධානය එයට කැමැති යැයිද එයට හැකි සෑම සහයෝගයක්ම දෙමළ ජාතික සන්ධානය ලබාදීමට කැමැති යැයිද තම නියෝජීත පිරිස ජයශංකර් මහතා හමුවේ ප්‍රකාශ කර සිටි බවද මාවෙයි සේනාධිරාජා මහතා කීය.



අදහස් (1)

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වන්න සාකච්ඡා

Bamunuarachchi Friday, 08 January 2021 04:02 AM

අපි බලන් ඉන්නේ මෙහෙ ඉන්න ටික එහෙ පටවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site