ඉන්දියාවේ සෑම මිනිත්තු 8 කටම වරක් ළමයෙකු අතුරුදන් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවක් සඳහන් කරයි.
ළමයින් දෙමව්පියන්ගෙන් වෙන් කරන ජාතික මට්ටමේ කූට වෙළෙඳාමක කොටසක් ලෙස එය සිදුවන බව වාර්තා වේ.
බලහත්කාරයෙන් වැඩවල යෙදවීම, ගෘහස්ත වහල්භාවය හා ලිංගික වෘත්තීන්වල යෙදවීම මීට ගොදුරුවන ළමුන්ගේ අවසාන ඉරණම වෙයි.
කෙසේ වුවත් ජනමාධ්‍ය මගින් ඒවාට ලැබෙන අවධානය ඉතා අඩු බවත් ඉතා කලාතුරකින් ඒවාට සිරස්තල ලබාදෙන බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
එහි සඳහන් වන්නේ ඒවා අවසන් කිරීමට සිදුවන මහජන හෝ දේශපාලන බලපෑම ද ඉතා අවම මට්ටමක පවතින බවයි.
ඒ අනුව ඉන්දියාව තුළ ඉතා සංකීර්ණ ළමා ජවාරම් සිදුකිරීමේ ජාලයක් ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් දැක්වේ.
සෑම වසරකම එරට ළමුන් 70,000 ක් පමණ අතුරුදන් වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් බොහෝ සිදුවීම් ලේඛනගතවී නොමැති වීම හේතුවෙන් සත්‍ය සිදුවීම් සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇත.
(බීබීසී ඇසුරෙනි)
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමාවක් නොමැතිව ළමයින් බිහිවෙනකොට තවත් කොටසක් ළමයින් බිහිවෙන එක උපරිමයෙන් වළක්වනකොට, ඒවායේ ප්‍රතිඵල ද එලෙසම වෙයි. අඩු ජනකොටස්වලට හා පුරුෂ ආධිපත්‍ය වැඩි ජන සමාජයක මෙවැනි නීතිවිරෝධී ක්‍රියා තව කොපමණ සිදුවෙනවා ඇතිද?