
ඉන්දියාවේ හිටපු අගමැති අතර් බිහාරි වජ්පායී මහතා විසින් 2002 වර්ෂයේදී ආරම්භ කරන ලද බොගිබීල් පාලමේ ඉදිකිරීම් කටයුතු නිමාකර එළඹෙන අඟහරුවා (25 වැනිදා) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කිරීමට නියමිය.
1997 වර්ෂයේ හිටපු අගමැති දේව් ගවුඩා මෙම පාලම සඳහා මුල්ගල තබා ඇති අතර නැවත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2002 වසරේදීය. එය විවෘත කරන්නේ දෙවැනි වරට වැඩ ආරම්භ කළ වසරේ සිට වසර 16කට පසුවය.
මෙම පාලමේ දිග කිලෝමීටර් 4.94ක් වන අතර ඉන්දියාවේ දිගම රේල් පාලම මෙය වේ.
''මම පාසල් යන කාලයේ අගමැති වූ අතර් බිහාර් වජ්පායි මෙම ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. අවුරුදු ගණනක් තිස්සේ අපි මේ හීනය දකිමින් හිටියා. අරගල කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙම පාලම ඉදිවී තිබෙනවා'' යැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ඇසෑම් ප්‍රාන්තයේ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙක් වන භාස්කාර් ගොගොයි පැවසුවේය.
බ්‍රහ්මපුත්‍ර ගඟ හරහා මෙම පාලම ඉදිකර ඇති අතර මෙම ද්විත්ව පාලමේ ඉහළ කොටස වාහන ගමනාගමය සඳහා මන්තීරු 3කින් සමන්විත වේ. පහළ කොටස දුම්රිය ගමන්කිරීම සඳහා සැකසුණු දුම්රිය මාර්ග දෙකකින් සමන්විත වේ.
මෙම ඉදිකිරීමට ඉන්දියානු රුපියල් කෝටි 5,920ක් වැය වී ඇති අතර අගමැති අතර් බිහාරි වජ්පායී මහතාගේ උපන්දින සංවත්සරය නිමිති කරගෙන මෙය විවෘත කරනු ඇත.
ඇසෑම් ප්‍රාන්තයේ ටින්ෂුකියා දිස්ත්‍රික්කය සහ අරුනාචල් ප්‍රාන්තය අතර ගමන්කිරීම සඳහා මීට පෙර වැය කළ කාලය මෙම පාලම නිසා පැය 10කින් අඩු වන බව පැවැසේ. මේ අනුව එක් ප්‍රාන්තයක සිට අනිත් ප්‍රාන්තයට යන්නට කිලෝමීටර් 500ක ගමන් මාර්ගය කිලෝමීටර් 100කින් නිමා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
විශාල යුද ටැංකි නැවත්වීමට ඔරොත්තු දෙන තරම් ශක්තිමත්ව මෙම පාලම ඉදිකර ඇත. දුම්රිය මාර්ගය සහ මාහා මාර්ගව අතර උස මීටර 10.5කි.
ඉන්දියාවේ දිගම පාලම දෝලා සාදියා (භූපන් හසාරිකා සේතු) පාලමයි. ලෝහිත් ගඟ මතින් ඉදි කර ඇති එහි දිග කිලෝමීටර 9.15කි. 2017 වසරේ දී එය විවෘත කර තිබේ. ගංගා නම් ගඟ හරහා ඉදි කර ඇති මහත්මා ගාන්දි පාලම ඉන්දියාවේ දෙවැනියට දිගටම පාලම වන අතර එහි දිග 5.7කි.
(63226)

(ගූගල් සිතියමකි)



(අවසන් ඡායාරූපයේ ඇත්තේ ඉන්දියාවේ දිගම පාලමයි.)
COMMENTS
ඉතින් අපිට මොකෝ, අපේ උඩින්ද පහළින්ද?
මේ පාලම ඉන්දියාවේ ඉංජිනේරුවන් විසින් දේශීය නිෂ්පාදිත වානේ යොදාගෙන ඉදිකිරීම ආදර්ශයට ගෙන ලංකාවේ පාලම් දේශීය ඉංජිනේරු දැනුමෙන් සහ විදේශ නිෂ්පාදනයන්ගෙන් නිමකිරීම සුදුසුයි. එ්ත් අවසන්ව දේශීය ඉංජ්නේරුවන්ගේ දැනුම යොදා නොගෙන විදේශ තාක්ෂණයෙන් ලංකාවේ පාලම් ගොඩනැගිලි දෙන්ට ලංකාවේ තියෙන යකඩ පාලම් බහුතරය බ්‍රිතාන්‍ය කාලයේ ගොඩ නගපුවා. ඒවා රෙට්‍රොෆිට් කරන්න ක්‍රමයක් අවශ්‍යයි. අඩුම තරමේ අපි මේකෙන් ගත යුතු ආදර්ශය එයි.
බමුණුආරච්චි අයියේ බය වෙන්න එපා කොමිස් ගැන ඇයි රන්ජන්රාමනායක අයියා ඇවිල්ලා ඉන්නවනේ.
අපි කොමිස් ගැන නිතර කතා කරනවා. එ්ත් නාස්තිය ගැන කතා කරන්නෙම නැහැ... කොයිතරම් පොදු දේපොළ විනාශ වෙනවද කියලා. ආයතනවලට ගියාම බලාගන්න පුළුවන් වාහන ලක්ෂ ගනං දිරාපත්වෙමින් පවතිනවා. ලංකාව පුරාම මම දන්නා එක ආයතනයක රුපියල් 50000කින් හදන්න තබුන කැබ් රථයක් දිරාපත් වෙන්න දුන්න. නාස්තිය පිටුදැකිය යුතුයි. දෙවනුව අල්ලස් ගෙන සැලකුවට කමක් නැහැ. අනෙක් අතට විදේශ අාධාර දෙනකොටම එයාලා 10% 20 % අතර ඔය වැඩේට වෙන් කරනවා.