
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව යනු ලොව සිටින න්‍යෂ්ටික බලවතුන් කිහිපදෙනාගෙන් කෙනකු වන අතර ඉන්දියාව තවත් බලවතකු බවට පත්වෙමින් අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.
අධිවේගී මිසයිල තාක්ෂණයේ ඇති තර්ජනය තේරුම් ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙම අධිවේගී මිසයිල තාක්ෂණයට ප්‍රති පියවරක් ලෙස අභ්‍යවකාශ ස්ථර සංවේදී තාක්ෂණයක් හඳුන්වා දුන්නේ ය. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසයිල ආරක්ෂණ ආයතනය පසුගිය වසරේ දී අධිවේගී මිසයිල හඳුනාගත හැකි අභ්‍යවකාශ ස්ථර සංවේදී තාක්ෂණයේ දෙවැනි අදියරට පිවිසියේ ය.
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇත්තේ එවැනි මොහොතක ය. වසර ගණනාවක පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලින් පසුව ඉන්දියාව මෙලෙස සාර්ථකව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇත.
මේ සඳහා භාවිත කරන ලද සියලු තාක්ෂණික ක්‍රමවේද දේශීය නිෂ්පාදනය කරන ලද ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙතෙක් අධිවේගී මිසයිල තාක්ෂණය ඇති රටවල් යැයි පැවැසුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය පමණි.ඉන්දියාව අද, එනම් සඳුඳා අධිවේගී මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් තවත් අත්හදා බැලීමක් කරනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තාවල දැක්විණි.
හිමාල කඳුවැටිය ආශ්‍රිතව ඉන්දියාව සහ චීනය අතර අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වයක් පවතින මොහොතක මෙම අත්හදා බැලීම තවත් සුවිශේෂී කරුණක් යැයි ද එම වාර්තාවල දැක්විණි.
නව තාක්ෂණය සාර්ථකව අත්හදා බැලූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ද ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.සියලු සාර්ථකත්වය සමඟ මෙම නව හා වැදගත් තාක්ෂණය ඊළඟ අදියර සහ ප්‍රගතිය දක්වා ගමන් කරන බව රාජ්නාත් සිං නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 18
555
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 February 2021 03:33 PM
බුදුවරුන් පහලවෙන දේශයේ පාලකයන් යුද්ධ අංශයෙන් බලවතුන් වීම කොතරම් දුරට සාධාරණ දැයි කියන්නට බැහැ. උත්තර භාරතීය සංගීතයෙන් හා හින්දි සිනමාවෙන්ද, ලෝකය ජයගත් ඉන්දියාව න්‍යෂ්ඨික ලෝකයක් කරා පියමං කිරීමත්, ගැටළුකාරී දෙයක් වේවි නේද? ප්‍රථමයෙන්ම ඉන්දියාවේ කන්න නැති හිඟන්නන් හා අන්ත අසරණ දුප්පතුන් වෙනුවෙන් මේ වියදම් වෙන ධන සම්භාරය යොදවා ඔවුන් සුවපත් කිරීම නේද කළයුතු වන්නේ..?
පිටිගල මිලානෝ Tuesday, 16 February 2021 03:56 AM
ඇයි අපිට ආයිත් පරිප්පු ප්‍රවාහනය කරන්නද?
Nandalal DE SILVA - FranceTuesday, 16 February 2021 08:21 AM
නැහැ අනේ... නැගෙනහිර ජැටියට බාලා බලන්න වෙන්න ඇති...!!!