
(නිමන්ති රණසිංහ සහ යොහාන් භාසුර)
ඉන්දියාවේ සිට ධීවර බේට්ටු මගින් නිතිවිරෝධීව මෙරටට ගෙනෙන ලද කහ තොගයක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශයක තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (24) අත්අඩංගුවට ගෙන ඇත.
ඉලුප්පුකඩවායි අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශයේ සූක්ෂම ලෙසින් සගවා තිබූ මෙම කහ කිලෝග්‍රෑම් 251ක තොගය වැඩිදුර පරීක්ෂන සදහා ඉලුප්පුකඩවායි පෙලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මේ වර්ෂය තුළදී පමණක් සිදුකළ වැටලීම්වලදී රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 5228ක් සමග සැකකරුවන් 11 දෙනකු ද අත්අටඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd