Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 අප්‍රේල් මස 01 වන සෙනසුරාදා
(*** අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් සිටින බව කියන ‘සාරා’ නමැති කාන්තාව වහා ලංකාවට ගෙන්වාගෙන බෝම්බ සිද්ධියේ සුලමුල සියල්ල හෙළි කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය ‘සාරා’ පමණක් වන හෙයින් ඇය ලංකාවට ගෙන්වා ගත හොත් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමනාවකටද? එහි අරමුණ කුමක්ද? ආදී සියලු තොරතුරු ඇගෙන් හෙළි කර ගැනීමට හැකියාව අැතැයි ද රහුමාන් මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවටද ගොස් තමන් ඒ ඉල්ලීම කළ බව කී මුජිබර් රහුමාන් මහතා ප්‍රහාරය පිටුපස සිටින හස්තය කවුදැයි සොයා ගැනීම සඳහා තමන් රජයට ඕනෑම සහයෝගයක් දීමට සූදානම් බවද කීවේය.
දිගන සිද්ධියෙන් පසු සහරාන්ගේ දේශන සහිත වීඩියෝ පටයක් තමාට ලැබුණු බව කී මුජිබර් රහුමාන් මහතා, තමා වහාම ඒ වීඩියෝ පටය පොලිස් මූලස්ථානයට බාරදී ඒ ගැන පරීක්ෂණ කරන්නැයි දැනුම් දුන් බවත්, වීඩියෝ පටයේ සඳහන් සහරාන්ගේ අදහස් ජාතීන් අතර ගැටුම් ඇති කරන ඉතා භයානක ඒවා බවත් එහිදී පොලිස් මූලස්ථානයට තමා දැනුම් දුන්නැයිද පැවැසීය.
‘සාරා’ රටින් පිට කිරීමට උදව් කළ බව කියන පොලිස් නිලධාරියා ද මේ වනවිට අත්අඩංගුවේ සිටින බව සඳහන් කළ මුජිබර් රහුමාන් මහතා ඉන්දීය රජයේද සහයෝගය ගෙන අදාළ සැකකාරිය වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවද කීවේය.
jonana Wednesday, 16 September 2020 07:22 AM
මහා ලොකුවට තොරතුරු දුන්නට ඉන්දියාවත් මෙයට සම්බන්ද බව හැගෙන්නේ මට විතරද
Reply : 2550 657
jayasekara Wednesday, 16 September 2020 08:29 AM
මේ ඔක්කොම එකයි කියලා පේන්නේ මට විතරද?
Reply : 1006 144
janahitha UAE Wednesday, 16 September 2020 11:31 AM
නැත, ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් නැත. ඔවුන්ගේ ඔත්තුකරුවන් සූක්ෂම ලෙස මෙහි ස්ථානගත කර තිබෙනවා. ඔවුන්ගෙන් ලැබුණු ඔත්තු දැනුම් දුන්නත් පැවැති පාලනයේ බල අරගලය නිසා නොසලකා හැරියා.. මෙකෙන් මැරුණේ අහිංසක ජනතාව...
Reply : 91 515
deshan Wednesday, 16 September 2020 12:27 PM
ඉන්දියාව සාරාව මේවයේ ඔත්තු බලන්න දැම්මේ නැත්තන් මේක මෙච්චර හොඳට තක්කඩි ගැන අපිට දැනගන්න වෙන්නේ නෑ. හිටපු ආණ්ඩුව ලස්සන කතාවක් ගොතනවා එහෙම නම්. ඉන්දියාව 98 වතාවක් මේ ගැන අපිට කිව්වේ මේක වළක්වන්න නෙමේ නම් මොන මගුලකටද? එච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද? අපේ ලොක්කන්ගේ දුර්වලකම්වලට අනිත් රටවල් පලිද?
Reply : 65 216
කැකිල්ලේ Wednesday, 16 September 2020 03:08 PM
අන්තිමට වැරදි ඔත්තුව දුන් කෙනාද? එයාගේ ඔත්තුවලින් ගහන තැන වෙලාව සේරම කිව්වා නේද? ඉන්දියාව වාර 90කටත් වඩා ලංකාවේ ආරක්ශක අංශ දැනුවත් කරේ අහවල් කැසිල්ලක් නිසාද? ලංකාවේ මිනිස්සු අතරේ අමුතුම කුහකකම් පිරිච්ච මිනිස්සු ඉන්න බව ඒ කොමෙන්ට් එකෙන් හොඳටම දැනුණා.
Reply : 63 129
ධනා Wednesday, 16 September 2020 07:28 AM
බෝම්බේ ගහනකන් ඇස් කන් පියාගෙන ඉඳලා දැන් මගුලක් කියනවා
Reply : 416 1502
Ashok Wednesday, 16 September 2020 12:33 PM
බෝම්බ ගහන්න අනුබල දුන්නු, අන්තවාදීන් ලංකාවට ගෙනත් දේශන දුන්නු, මද්‍රසා පාසල් ආරම්භ කරපු අය හිටියේ හොඳට ඇස් කන් ඇරගෙන. මෙයාත් එයින් එක්කෙනෙක්. දැන් ඔය සාරාව ගෙන්නන්න කියන්නේ මේ අයගේ කෙරුවාව හෙලිකළාට ඒ කෙල්ලගෙන් පලි ගන්න. මොකද එයා මේ අයගේ පැත්තේ ඉඳන් සේරම තොරතුරු ලෝකෙටම දුන්නනේ.
Reply : 191 287
Thakshila Wednesday, 16 September 2020 07:30 AM
කවුද ඉතින් මුල... මතකද ඒ දවස්වල පාර්ලිමේන්තුවේ කතා කරපු විදිය.
Reply : 38 1121
Nuwan Wednesday, 16 September 2020 07:32 AM
ලඟදි අහන්න ලැබේවිද දන්නේ නැහැ සාරා ඉන්දියාවේදී හොයාගන්න බැරි විදියට මැරිලා කියලා. අර අංගොඩ ලොක්කා වගේ.
Reply : 876 191
Raveendra Wednesday, 16 September 2020 09:30 AM
ඇ බොල... සරාට යන්න ඉඩ දුන්නේ, උදව් කලේ ඔයාලම නේද?
Reply : 179 190
පහන් Wednesday, 16 September 2020 09:39 AM
බුද්ධි ලොක්කෝ ජෝඩුවයි. දෙන්නා හිටියේ හරහටයි. උන්ගේ කටේ බොරු ගොඩයි. අහන්න හරි හිරිකිතයි !!!!
Reply : 0 30
sidath Wednesday, 16 September 2020 10:10 AM
ඇත්ත තමා ඔක්කොම ඕකට සම්බන්ධයි කියන එක. ඕක තමයි තටමලා තටමල කරපු එකම් මඟුල..
Reply : 12 127
janatha anura Wednesday, 16 September 2020 11:26 AM
සියලුම නිලධාරීන් පත්කෙරුවේ අගමැති කථානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවකින්ලු. පොලිස්පති, හමුදාපති පත්කළෙත් එතැනින් ලේකම්ලාත් එතැනින් ඔක්කොම එජාපය පාක්ෂිකයන් බල අරගලයේදී ජනාධිපති තනි වුණූ බලතල පාවාදුන්නු නිසා අසරණ වුණු ආරක්ෂක අමාත්‍යාංශයත් අකර්මණ්‍ය වුණු තොරතුරු ලැබිලත් ක්‍රියාත්මක වුණේ නැත්තේ ජනාධිපතිට පාඩම් උගන්වන්න මෝඩ සිංහලුන්ගේ ඉතිහාසගත පාවාදීම් නිසා අහිංසක ජනතාවක් මැරුණා. විදේශිකයන් එක්කම කෙසේවෙතත් දළදා පෙරහැර, පන්සල් පිපුරුව හරිය නම් මේ ඔක්කොම අය බුරුතු පිටින් විනාශ කරන්නේ.. මේ රටේ ජනතාව එතකොට ඔය ටයි, කෝට්, කොළ, නිල්, කහ, රතු, ලොකු, පොඩි අදාළ වෙන්නේ නැහැ.
Reply : 12 215
ravana Wednesday, 16 September 2020 11:34 AM
ඉන්දියානු ආක්‍රමණිකයිනි, නුඹලාට මේ රට පාලනය කළ නොහැකියි. රටේ අහිංසක ජනතාව ඝාතනය කර පැලපදියම් වෙලා මේ රට ලෝකයටම ණයකරපු කලිසම්, ටයිපටි පල් හොරුන් ඉන්දියාවටම යන්න.
Reply : 62 85
Demuni Uduwara Wednesday, 16 September 2020 11:45 AM
කවුද මේක සහරාන්ට කරන්න අවසර දුන්නේ?
Reply : 0 143
janith wi Wednesday, 16 September 2020 02:16 PM
සාරා ගෙනාවොත් සත්‍යය එළිවේවි... එතකොට ආණ්ඩුවට මොකද වෙන්නේ..? හිටපු ජනාධිපති ඇතුළු ජනපතිලාට මොකද වෙන්නේ? ඒකයි මේ ප්‍රශ්නේ.. දැන් සැපද?
Reply : 91 183
tharindi. Wednesday, 16 September 2020 02:20 PM
සාරා කට ඇරියොත් ජනාධිපතිලා පෝලිමේ ඉඳීවිදෝ මන්දා..?
Reply : 0 37
jagath gi Wednesday, 16 September 2020 02:22 PM
පාස්කු ප්‍රහාරයෙන් වාසි වුණේ කාටද? තව මොන කතාද?
Reply : 11 101
kamala Wednesday, 16 September 2020 02:24 PM
සුනාමිය, කොරෝනා, පාස්කු ප්‍රහාරය... මේ තුනේම ලාභ ලැබුණේ කාටද රහුමාන් මන්ත්‍රීතුමෝ?
Reply : 10 109
Prabha Wednesday, 16 September 2020 07:44 PM
සාරාට කලින් සියල්ල දැනගෙන සිංගප්පූූරුවේ ශොපිං ගිය කපටි සිරාව අල්ලගන්න බලන්න.
Reply : 0 1
විජේ Wednesday, 16 September 2020 09:30 PM
මුජිබර්, මොකද නිකන් මෙහෙම ඉන්නේ? මරු විකාරෙන් කියවනවා වත්ද?
Reply : 0 0
විජේ Thursday, 17 September 2020 05:17 AM
සාරාව ගෙනැල්ලා බොරුවට හාර හාර ඉන්නෙ නැතුව අහුවෙලා ඉන්න අය එල්ලුවනං හරි
Reply : 0 0
BINKUNNDAA Friday, 18 September 2020 01:12 PM
මේ ඔක්කොම මැදමුලන මාෆියාව කළ වැඩ, සිරා සල්ලි වලටයි, මරණ බයටයි මේවා වෙන්න හැරලා පස්සේ වහගෙන හිටියා ආණ්ඩුව පෙරළෙනකම්...
Reply : 0 0