(ඩයනා උදයංගනී)

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ භු කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික හා ජාත්‍යන්තර දත්ත අනුව ‍මෙරට ‍වෙරළබඩ ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළමුව දැනුම් දී තිබුණේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.