(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කළ බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.
සංසදය රැස්වූ අවස්ථාවේ තමා විසින් මෙම යෝජනාව සිදු කළ බවත් එම යෝජනාවට ඒකමතිකව කැමැත්ත පල කළ බව ද ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.
ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමටද තීරණය කරන බවත් ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.