(ඩයනා උදයංගනී)
පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදීත් දූෂණයට විරුද්ධ සටනක් ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම සටනේදී බැඳුම්කර හෝ වෙනත් වංචා ආදී වශයෙන් වෙන් කිරීමක් නොකරන බව කී අමාත්‍යවරයා රටට පාඩු කරන අයට ඡන්දය නොදී සිටීමේ වගකීමක් ජනතාවට තිබෙන බව ද සඳහන් කළේය.
එම සටනේදී තමන්ට බොරු චෝදනා එල්ල විය හැකි බව කී ඇමැතිවරයා ඒවාට පිළිතුරු දෙන්න සූදානම් බව සහ එම පිළිතුරුදීම්වලදී තවත් බොහෝ දෙනෙකුගේ කෙරුවාවල් හෙළිවනු ඇති බවත් කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
විශිෂ්ඨ ප්‍රකාශයක්.... ඉදිරි ජනාධිපතිවරනෙදිත් අපිට ඔන්න රෙජීමයට විරුද්ධ පොදු අපේක්ෂකයෙක්..
ඔබතුමාටත් නාමයෝජනා ලැබෙන එකක් නැති වෙයි නේද?
බොහොම සතුටුයි... ඊළඟ ජනාධිපතිවරණයේ විතරක් නෙමේ ඊට පසුවත් එන ජනාධිපතිවරණයේදීත් ඔය සටන කතාවෙන් ගෙනියන්න. ඊළඟ ජනාධිපතිවරණයේදී දූෂණයට විරුද්ධව සටන් කරන්න රටක්නම් තියෙයි. නමුත් දැන් තියෙන ඉතියෝපියාවටත් අන්ත... මේ දෙගොල්ලන් කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමයි.
වල්මත් වෙලා වගේ නේද?
ජනාධිපතිවරණයේදී නෙවෙයි, ජනාධිපතිවරණයෙන් පස්සෙයි දූෂණ විරෝධී සටන අවශ්‍ය වෙන්නේ, කොහොම නමුත් දේශපාලන අවස්ථාවාදියෙක් නම් ගේන්න එපා සර්.., හඳෙන් හාල් ගෙන්නවත්, ඉරෙන් කිරි ගේන්නවත් බැහැ කියන එක අපි දන්නවා. ඕනෑම අමාරු අවස්ථාවක කට්ට කාගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී හිටින නායකයෙක් අපිට ඕනේ....
පෙර සටනේ ප්‍රතිඵල කෝ?
අනේ මෙයාගේ බොරු කයිවාරු. දූෂිතයන් ආරක්ෂා කරන මේ වගේ නිවටයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. චම්පික කරපු දූෂණ එළියට එයි කියා බයේ එයාට බොරු චෝදනා එල්ල වෙයි කියා ජනතාව රවටන්න හදනවා. මොහු හැම ඡන්දයකදීම කලේ අලුත් බලවේගයක් හදනවා කියා ජනතාව රවටා බලයේ සිටීමයි. මෙයා කරපු කිසිම වැඩක ප්‍රතිඵලයක් නොමැත. මීතොටමුල්ල කුණු කන්දෙන් කොම්පෝස්ට් පොහොර හදනවා කියා බොරු මාධ්‍ය සංදර්ශන දමා ජනතාව රැවැට්ටුවා. ගිය ආණ්ඩුවේ ආරම්භ කරපු ව්‍යපෘති විවෘත කරමින් ශෝභන දමමින් රටේ කොන්ක්‍රීට් වනාන්තර හදමින් රට තවත් ණය කරනවා මිසක් රටට කිසිම සැලැස්මක් නැති වැඩ කරමින් කොමිස් ගහන උගත් මෝඩයෙක්. මොහුගේ දුෂණ ඉදිරියේදී ජනතාවට එළිවනු ඇත. මොහු දැන් හදන්නේ යූ.එන්.පීය දෙකට කඩා එයින් ප්‍රයෝජනය ගෙන ජනාධිපති පොදු අපේක්ෂක වීමටයි.
එතකොට මෙතුමා හිටපු රජයේත් ඉන්න රජයේත් ඇමතිවරයෙක්... කෝ එහෙනම් රජය අතුලේදී ඒ කෙරෙන දූෂණ ගැන තදින් කතා කරනවා.. ඒවාට විරුද්ධ වෙනවද?
එහෙමනං බැඳුම්කර වංචාව දැන් හරි පිළිගන්නවනේ... අනික ඔබලාගේ දූෂණ විරෝධී සටන් පාඨය පිළිගන්න ජනතාව දැන් සූදානම් නැහැ. මේ අවුරුදු හතරම හොරු අල්ලපු හැටි ජනතාවට තේරනවා. දූෂණ, වංචා නැතිකරනවා කියලා ඇවිත් මහ බැංකුවත් සුද්ද කළා.
ඔබතුමා හැමදාම ඡන්දෙට කලින් කියනවා "බාලගිරි අද නොවේ හෙට කියලා " අපිත් අහනවා, ඔබත් කියනවා, ඕක ඔබ වයස 80 පැනල හැරමිටියෙන් යනකොටත් කියාවි, අපිත් අහවි..
මෙයා දූෂණයට විරුද්ධව කටක් අරින්නේ නැහැ. දැන් පොර ටෝක් දෙනවා. මහ එපාම කරපු කෙනෙක්...
ඔබ ඒ කාලේ පරිසර අමාත්‍යකමක් කරන කොට රථවාහන වල දුම් පරීක්ෂා කිරීමේ නීතියක් ගෙනාවා. කොම්පැනි කීපයකට වැඩේ කරගෙන යන්න බලය ලබා දුන්නා. ඊළඟට එ්කටම එකතු කරලා බද්දකුත් සෙට් කළා. ආණ්ඩුවටයි, කම්පැනියටයි හොඳට හම්බකර ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කොම්පැනියට යන සල්ලිවලින් කොටසක් තව කාටකාට හරි ජීවිත කාලය පුරා සන්තෝසම් යවන්න පුළුවන් වෙනවා. හැබැයි ඒ එක සතයක්වත් රටේ පරිසරයේ ආරක්ෂාවට නම් කිසිම විදියකින් දායක වෙන්නේ නැහැ. පරිසරයේ කාබන් ඉවත් කිරීමට කිසිම වැඩ පිළිවෙලක් අපෙන් දුම් පරික්ෂාවට කියලා හුරාගන්න සල්ලි වලින් කෙරෙන්නේ නැහැ. වෙන රටවල ඒ සල්ලි ඒ වගේ වැඩට විතරයි යොදන්නේ.. ඒ නිසා වෙන මොන දූෂණය ගැන කතා කලත් ඔබ කරපු පරිසර දූෂණය ගැන කවදා හරි ඔබට උත්තර දෙන්න වේවි...!!!
චන්දිම මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා. දුම් පරීක්ෂණය කියලා අපෙන් ගන්න මුදල්වලින් පරිසරයට වෙන සෙත මොකක්ද?
මොනවා.. ඊළඟ මැතිවරණයටත් ඔබ එනවා...? බුද්ධිමත් මිනිස්සුනේ...මෙන්න පළමුවෙනි අපේක්ෂකයා ඔබගේ ඡන්දයෙන් " කුණු බක්කියට" යවන්න. ඔව් ඉතිහාසයේ කුණු බක්කියටම දමන්න. ආයෙත් නොඑන්නම...
බැංකුව අතුගාපු කට්ටිය මතක් කළොත් හොඳයි.
මෙයා පුත්තලමේදී අපි ගානට ටකල් කරන්නයි ඉන්නේ. මුළු පුත්තලමේම ජනතාව බලාගෙන ඉන්නේ ඒ පැත්තේ එනකම්... අනිවාර්යෙන්ම ගුටි කනවා... ගහලා ගහලා ..අරුවක්කලු කුණු මැෂින් එකටම දමනවා.
ජනතාවට අලුතින් උගන්වන්න දෙයක් නැහැ. අද මැතිවරණයක් තිබුණොත් ඇපත් නැහැ..
ඔබතුමා 2014 දී කීවෙත් ඕකම තමයි. දැන් අවුරුදු 5ක් විතර ගතවෙලා.. මේකෙන් පෙන්නන්නේ ඔබතුමා සටනින් පැරදිලා, පැරදුණු මිනිස්සුන්ට මනාපේ ගහලා සටන් බිමට යැව්වට දුෂණ විරෝධී සටන දිනන්න බැහැ. අර ක්‍රිකට් ටීම් එකේ ලකුණු නොගහන බැට්මන්ලා කපලා දමනවා වගේ මේ පාර ඔබටත් අපි මනාපේ නොගහ ඉන්නවා. මේදාපාර අපි අලුත් බැට්මන් කෙනෙකුට චාන්ස් එකක් දීලා බලන්නම්.. ඔබතුමා ටිකක් එළියට වෙලා ඉඳන් ප්‍රැක්ටිස් කරන්න.
මෙයා කොළඹ සරසවියේ ඉන්න කාලේ ඉඳන්ම ජරා සතෙක්. සරසවියේ ගැහැණු වැසිකිළිවලට එබීබලලා කිහිප වරක්ම මාර්ෂල්ලා අයි.ඩී එක අරන් තියෙනවා. බොරුනම් බොරුයි කියන්න. මගේ ළඟ ඒවා තියෙනවා.
ඡන්ද කිට්ටුවෙනකොට තමයි මේ හොරු එල්ලිලා ජනතාව ගොනාට අන්දපු කලේ ඉවරයි.
1987 මෙයා මගේ යාලුවෙක්ගේ ගෙදර ඉඳන් ජවිපෙ පන්ති කළා. මගේ යාළුවා STF එකෙන් අරගෙන අතුරුදහන් කළා. මෙයා පැනලා ගියා.
සිංගප්පූරුවෙන් අපේක්ෂකයෙක් ආනයනය කරන්න අදහසක් නැද්ද?
හරියට හරි දුෂණයෙන්ම ගොඩ යන්න. නියමයි ඕක නියම කියමනක් ලංකාවේ මිනිසුන්ගෙන් ඡන්දය ගන්න.