රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේ දී අද (4) අලුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.
ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් ලොරි රථයේ හා ටිපර් රථයේ රියදුරන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය සඳහන් කරයි.
ටිපර් රථයේ රියදුරු වු වයස අවුරුදු 32 ක පුද්ගලයකු හා ලොරි රථයේ රියදුරු වු වයස අවුරුදු 40 ක පුද්ගලයකු එලෙස මිය ගොස් තිබේ.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුරට සිදුවී ඇතැයි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
233
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉත්තාවිල් අනතුරකින් දෙදෙනෙක් මරුට