



(නවරත්න සමරතුංග)
නැගෙනහිර පළාතට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඉඟිනියාගල, පල්ලන්ඔය, නාමල්ඔය, අම්බලන්ඔය, එක්ගල්ඔය, පන්නල්ගම ආදී ප්‍රධාන ජලාශවල ජල ධාරිතා පහත වැටී ඇතැයි අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
ජලාශවල ජල මට්ටම පහත වැටීමට සාපේක්ෂව ගහකොළ සියල්ල මැරීයාමට පටන්ගෙන ඇති බවද, මේ හේතුවෙන් ගව පට්ටිකරුවන් විශාල පිරිසකට තම සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ උග‍්‍ර ගැටළුවකට මුහුණපා ඇතැයි ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑ හත් දහසක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ අද(21) දිනට පැවති ජලමට්ටම අඩි 48 ක් වූ අතර එහි ජල ධාරිතාවය අක්කර අඩි හැත්තෑ පන්දහස් හයසිය පනහක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් කීය.
පල්ලන්ඔය ජලාශයේ අද දිනට පැවති ජල මට්ටම අඩි 20 අඟල් 07 ක් ද, නාමල්ඔය ජලාශයේ ජල මට්ටම අඩි 07 අඟල් 07ක්ද, අම්බලන්ඔය ජලාශයේ අඩි 04 අඟල් 06ක්ද, එක්ගල්ඔය ජලාශයේ ජල මට්ටම අඩි12 අඟල් 08ක්ද, පන්නල්ගම ජලාශයේ ජල මට්ටම අඩි 16 අඟල් 07ක්ද වශයෙන් පහත වැටී තිබිණි.
මේ පිළිබඳව සීමා සහිත මිල්කෝ කිරිගොවි සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති ජගත් වීරසිංහ මෙසේ පැවසීය.
“ගහකොළ මැරිලා ගිහින්. සතුන්ට කන්න දෙයක් නෑ. කුඹුරුවල තියෙන තණකොළ කපාගෙන ඇවිත් දැන් සතුන්ට දෙනවා. අත් මුදලට පෞද්ගලිකව පුන්නක්කු ගෙනැත් දෙන්න සිද්ද වෙලා තියෙනවා. කිරි නිෂ්පාදනයට මේ පෑවිල්ල දරුණු ලෙස බලපාලා” ගොවි සංගම් සභාපති වරයා කීය.
අම්පාර දිසාපති ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා පැවැසුවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් අවශ්‍ය ස්ථානවලට පානීය ජලය බෙදා හැරීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇති බවය.
කතරගම පාද යාත‍්‍රා වැනි වැඩසටහන්වලට සහභාගීවන දහස් ගණනක් ජනතාවට පානීය ජලය ලබාදීමට හා ටැංකි ලබා දීම සිදුකරන බවද දිසාපතිවරයා කීය.
පීඩාවට පත්වන ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ජලය සහිත ට‍්‍රැක්ටර්, ලොරි, බවුසර් රථ ස්ථානගත කර ඇති බවද පැවැසූ දිසාපතිවරයා මේ සඳහා රජයෙන් අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇති බවද පැවසීය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
876
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉඩෝරයෙන් අම්පාරේ ජලාශ සිඳී - ගවපට්ටිකරුවන් පීඩාවට
chandima Friday, 21 June 2019 04:15 PM
වැව හිඳිලා ගවපට්ටි අමාරුවේ කිව්වම මට හිතුනේ පාර්ලිමේන්තුවට වතුර එන්නෙත් අම්පාරෙන්ද කියලයි..?