(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර ඇති නිසා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.
මෙය පාර්ලිමේන්තවෙන් ඉල්ලා අස්කරගැනීමට රජය කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා කීවේය.
එයට පිළිතුරු ලෙස සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යයනය කර ඉදිරියේ දී ඒ අනුව පියවර ගන්නා බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.