(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට මේ වන තුරුත් ජනවාරි වැටුප ගෙවා නැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි.
සංස්ථාවේ ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් 2400 ට ආසන්න සංඛ්‍යාවකට මෙසේ වැටුප් ලැබී නැතැයි ද මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේ යැයි ද එහි ජාතික සේවක සංගමයේ ලේකම් ආර්.කේ.ඩී. ඉරංග ප්‍රසාද් මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ තමන්ට වැටුප් නො ලැබී තිබෙන්නේ 2020 ජනවාරි මස වැටුප 2020 ජනවාරි 24 දින ගෙවන බවට චක්‍රලේඛ මගින් සේවකයින් දැනුවත් කර තිබියදී යැයි ද ප්‍රසාද් මහතා කීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයාත් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාත් දැනුවත් කළේ යැයි ද ප්‍රසාද් මහතා පැවසීය.
COMMENTS
ප්‍රමාද වීමට අදාළ පොලියත් ගෙවිය යුතුයි.
කයිවාරු ගැහුවට රටේ නියම තත්වය මීටත් අන්තයි. එහෙම තියාගෙන තව නිකමුන් ලක්ෂයකට රැකියා දෙන්නත්.........අනේ මන්දා අපේ රටට ගිය කලක්.
රටේ ඇත්ත තත්වය ඕකයි. දේශපාලකයින් මිනිසුන්ගේ බදු මුදලින් සුර සැප වින්දත්, ඇත්ත තත්වය නම් රජයේ සේවකයින්ට පඩි ගෙවන්නටවත් අද රටේ සල්ලි නැහැ.
දැන් ඉන්න අයට වැටුප් ගෙවන්න මුදල් නැතිනම් අලුතෙන් ගන්න උපධිදාරින්ට වැටුප් ගෙවන්නේ කොහොමද. ලොකු සල්ලි කාරයින්ට වැඩි ලාබ ගන්න තවත් වැට් කැපුවොත් තමා හොඳ. සාමාන්‍ය සේවකයින්ට වැටුප් නොලැබුනත් අලුතෙන් පත්කළ නෑදෑයින්ට නම් ලක්ෂ විස්ස තිහ වෙලාවට ගෙවනවා ඇති.
පසුගිය ආණ්ඩුව ගමපෙරලිය ව්‍යාපෘති වලට මුදල් වෙන්කරලා ගමේ සංවර්ධන වැඩ පටන් ගත්ත නියමිත කාලය තුල වැඩ අවසන් කළා. අගෝස්තු මාසෙදි ඔක්කොම වැඩ අවසන්කරලා මුදල් ඉල්ලුවට ඒක ගෙවන්න මුදල් නැහැ. තිබුන මුදල් ආපසු භාණ්ඩාගාරයට ගෙන්වා ගත්ත කියලයි කියන්නේ. කොන්ත්‍රාත් කරපු වැඩිහිටි සමිති, ග්‍රාම සංවර්ධන සමිති හාඩ්වෙයාර් මුදලාලිට ණය කාරයෝ වෙලා. කර කියා ගන්න බැරුව ඉන්නවා. මෙන්න මේ ආණ්ඩුවේ කෙරුවාව.