
(නිමන්ති රණසිංහ)
කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකුණා පොදු දේපල පනත ප‍්‍රකාරව වරදක් සිදුකළැයි කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය වැල්ලම්පිටිය පොලිසියට අද නියෝග කළාය.
මීතොටුමුල්ල කසල අංගනයේ කසල පැක් කිරීම සඳහා භාවිත කළ මෙම යන්ත‍්‍රය හොර රහසේ රැගෙන ගොස් රුපියල් එක්ලක්ෂ හැත්තෑ එක් දහසක මුදලට විකුණා ඇති මෙම සැකකාර මන්තී‍්‍රවරුන් දෙදෙනා මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කළ කරුණු ඉදිරිපත් කිරීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයි මෙම නියෝගය නිකුත් කළාය.
සැකකරුවන් ගෙන් ලද ප‍්‍රකාශ මත මෙම නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනා අදාළ යකඩ තොගය සමග විකුණුම්කරු වෙත ගොස් ඒවා විකුණා මුදල් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වන බව ද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම යන්ත‍්‍රය පටවාගෙන ගිය කොළොන්නාව නගර සභාවේ ට‍්‍රැක්ටර් රියැදුරෙකු සහ අදාළ බඩු මිලට ගත් තැනැත්තා පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
මෙම සැකකරුවන් පොදු දේපල පනත ප‍්‍රකාරව වරදක් සිදුකර ඇති බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව, කොළොන්නාව නගර සභාවේ ට‍්‍රැක්ටර් රථ රියැදුරෙකු සහ අදාළ භාණ්ඩ මිලට ගත් අයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

COMMENTS