(ළහිරු හර්ෂණ)

ජපානයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා තොගයක් අද(31) ශ්‍රී ලංකාවට පිටත්කර යැවූ බව ජපානයේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා වෙත එවා ඇති අතර මාත්‍රා ගුවන් ගත් කරන් අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති ආර්. ගුණසේකර මහතා ද එක්ව සිටිටියේය.
මෙම එන්නත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටින් පිරිස් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ඉකුත් වෙලා නැහැ නේද?
ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් ආදිය පමණක් ගෙන, චීන එන්නත් නොගෙන කටයුතු කෙරුණේ නම්, වැඩි ප්‍රගතියක් උදාකර ගන්නට තිබුණා. චීනා සමග ඇති අමනාප කම් නිසා, ලෝකයේ ඇතැම් රටවලට ඇතුළු වීමට චීන එන්නත් විදපු අයට ඇතුළු වීමට ඉඩ නොදෙනවා යැයි මත පවතිනවා. ඒ වගේම, හැදියාවක් නැති, බල්ලන් පූසන්, නයි, ගැරඬින් ඇතුළු දේ කන චීනාව ලෝකය පිළිකුල් කරනවා. එය එසේ වුවත්, සයිනොෆාම් එන්නත විදගත් චීන ජාතිකයන් හොඳින් ඉන්නවා. රජයෙන් දෙන ඕනෑම එකක් විදගන්න තමයි අපට වෙලා තියෙන්නේ... හොඳ හෝ නරක හොඳහැටි ප්‍රදර්ශනය වෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. එදාට විදපු අය බලයේ නැතුවත් ඇති සමහරවිට...
ලෝකය පිළිගත් ගුණාත්මක බැවින් වැඩි එන්නත් ඒ රටවලින් පිනට දෙනකොට, ලෝකයේම පිළිගැනීමක් නැති ගුණාත්මක බවින් අඩු එන්නත් මුදලට ගැනීමට නේ අපි නිවැරදි තේරීම කියලා කියන්නේ. ඔය පිනට ලංකාවට එවන එන්නත් වලින් කොමිෂන් එක නොලැබීම නම් ටිකක් හරි මදියි වගේ දැනෙනවා ඇති අපේ පාලකයින්ට. ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා දීමට ඇතිවූ ප්‍රමාදය නිසා එම එන්නතෙන් ලබාදෙන නිසි ප්‍රතිශක්තිය ලැබෙනවා දැයි ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. නමුත් මිශ්‍ර ගැලපීම මත කරන එන්නත්කරණයට වඩා පළමු එන්නත ලබා ගැනීම වඩා යෝග්‍යයි.
එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් පිටුපසින් තිබෙන නිසාද මේ දෙදෙනා අත්වැසුම් හෝ මුඛ ආවරණ නොපැළඳ මේ කටයුත්තට සහභාගී වුනේ ?අපට ඒ ගැන කතා කරන්න ඕනත් නැහැනේ .මෙය සිදු වුනේ ජපානයේ නිසා !