
(ඩයනා උදයංගනී)
ජපාන රජයෙන් මෙරටට පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා ඉතිරි එන්නත් තොගය ලබන සෙනසුරාදා (7) රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමක් අනුව ලැබෙන මෙම එන්නත්වලින් කොටසක් ඉකුත් සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ මෙරටට රැගෙන ආ අතර එම එන්නත් තොගය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.
එන්නත් නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද (2) පෙරවරුවේ සිදුකෙරිණි.දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා මෙම එන්නත් මාත්‍රා ලක්‍ෂ 15ක පමණ තොගයක් මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා මෙහිදී සඳහන් කළේය.
එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් - 455 දරණ ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ අතර එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹිණි.





2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ඇස්ට්‍රාසෙනිකා’ ඉතිරි තොගය සෙනසුරාදා ලංකාවට