IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්

(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , නිමන්ති රණසිංහ)

“ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ 5 වැනි සහ 12 වැනි විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අද (03) නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය.

අධිකරණය මඟින් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ රක්නා ලංකා සමාගමේ සමුද්‍ර ආරක්ෂා අංශයේ සාමාන්‍යධිකාරි පොන්නතුරෙයි බාලසුබ්‍රමනියම් ප්‍රේමචන්ද්‍රන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති නැමැත්තන්ට එරෙහිවය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වගන්තිය අනුව කරන ලද ඉල්ලීමක් පරිදි අධිකරණය මෙසේ නියෝග කෙරිණි.

මෙම විත්තිකරුවන් දෙදෙනා විදේශ ගතව ඇති බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.සෙනරත් මහතා ඇතුළු සාක්කිකරුවන් පස් දෙනෙකු සාක්කි දෙමින් කියා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය.

 

 

 

 



අදහස් (3)

ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක්

Gune Tuesday, 03 December 2019 01:54 PM

පිට රටට පැන්න වාසනාවන්තයින්ට දැන් ඉතින් ආපහු එන්න පුළුවන්. මෙහෙ හිටිය නම් රිමාන්ඩ් වෙනවනේ.

:       0       0

බද්රානි Tuesday, 03 December 2019 02:57 PM

ඉන්දියන් සාගරයටත් වඩා ලොකු හිනා සාගරයකද කිමිදෙමින්, මොනතරම් සතුටින්ද මේ අපි ජීවත් වෙන්නේ? .

:       0       0

කරුණාපාල Tuesday, 03 December 2019 04:31 PM

ඔය නඩුවේ මහා විත්තිකාරයා ගැන කවුරුවත් කතා නොකරන්නේ භයකට එහෙම නෙවෙයි. අපිටත් ලැජ්ජාවක් කියලා එකක් තියන නිසයි. මොනා නැතත්, ලැජ්ජාව පරිස්සම් කරලා තියා ගන්න එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site