IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඇවන්ට්ගාඩ් සිද්ධියට සැකකරුවෝ 4 ක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

 

ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ 4, 5 , 6 සහ 7 වන සැකකරුවන් තවදුරටත් 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත  කරනු ලැබුවේ 4 වන සැකකාර රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර, 5 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල්  පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, 6 වන සැකකාර විශ්‍රාමික මේජර් ජනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල 7 වන සැකකාර පොලිස් කොමිසමේ ලේකම්  සමන් දිසානායක යන සැකකරුවෝ  සිව් දෙනා වෙති.

පාලිත වඩුගේ පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල  සහ සමන් දිසානායක යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන ලද අතර ඔවුන් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය වාර්තා සමඟ  බන්ධනාගාරය විසින් ලිපියක් ඉදිරිපත් කළේය.

ඒ අනුව අද අධිකරණයේ පෙනී සිටියේ මෙයට පෙර ඇප ලබා සිටින ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා වූ ගෙනඩි ගැව්රිලොව් පාවෙන අවි ගබඩාවේ අවි බාරකරු වන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න එහි මෙහෙයුම් කළමනාකරු වන මිල්ලනියගේ  සුමුදු නිලුපුල් කොස්තා සහ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින වික්ටර් සමරවීර යන සැකකරුවන් සිව් දෙනා පමණි.

පළමුවන සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ නැව සමාගම විසින් කුලියට ගත් එකක් වන අතර සැකකරු එහි කපිතාන්වරයා ලෙස සේවය කර ඇති බවයි.

මෙය මේ රටේ සිදුවු නීත්‍යනුකුල වෙළඳාමක් බවත් සැකකරු කලේ නැව පැදවිම පමණක් බවත් ඒ අනුව ඔහුට කිසිම චෝදනාවක් නැති බවත් කියා සිටියේය.

2සහ 3 සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කියා සිටියේ ගිනි අවි වලට නිත්‍යනුකුල බලපත්‍ර තිබෙන අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලෙක්ම්වරයාගේ බලයලත් නියෝජිතයකු විසින් බලපත්‍ර ලබාදි ඇති බවය. මෙම සමාගම සියයට සියයක කොටස් භාණ්ඩාගාරය සතු බවත් නිතිඥවරු කියා  කියා සිටියහ. එසේ නම් ඇවන්ගාඩ් සමාගම සහ රක්නා ලංකා සමාගම අතර ගිවිසුම නීත්‍යනුකුල නොවන්නේ කෙසේදැයි විමසා සිටින බවත් නිතිඥවරු කියා සිටියහ.

4 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරිය කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සාවද්‍ය කරුණු ඉදිරිපත් කර ඇති අතර ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බවය.

රෝහලේ ප්‍රතිකාර බලන  5 සහ 6 සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ නැව අත්අඩංගුවට ගන්නා විට එම සැකකරුවන් සමාගමේ තනතුරු දැරුවේ නැති බවයි. ඒ වනවිට තනතුරුවලින් ඉවත්වී මාස කිහිපයක් වන බවද රක්නා ලංකා සමාගමේ කොටස් සියයට සියක් භාණ්ඩාගාරය සතු බවද පැවසු නීතිඥවරයා එසේ නම් මේ ගිනි අවි නීත්‍යනුකුල නොවන්නේ කෙසේ දැයි විමසා සිටියේය.

රෝහලේ ප්‍රතිකාර ලබන 7 වන  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ ඔහු වසර 20 ක කාලයක සිට රජයේ පරිපාලන නිලධාරියකු ලෙස සේවය කර ඇති බවයි. ඔහු කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම්වරයා විසින් බලය පවරන ලද කටයුත්තක් ක්‍රියාත්මක කිරිම පමණක් බවද නිල වශයෙන් ලබාදී ඇති ආයුධ පිළිබඳ සියලු විස්තර ලබාදී ඇති බව නීතිඥවරු කියා සිටියහ.

මෙහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් සැකකරුවන්ගේ නිතිඥවරුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන්  ලිඛිත දේශන ගොනු කරන බවය.

මෙහිදී රජයේ අධිනිතිඥවරිය ලිඛිත දේශණවල පිටපත් සහ අද දින සටහන් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ සඳහා අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරයා ලිඛිත දේශන  6 ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර වැඩිදුර විභාගය 9 වැනිදාට කල් තබන ලදී.

ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 ඔක්තෝබර් 15 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන  වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ඒ.පි.ජි.සරත් චන්ද්‍ර ,අජිත් පතිරණ ,ශ්‍රිමාල් විජේසේකර, හරිත් හෙට්ටිආරච්චි, නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරු ඇතුළු නිතිඥවරු පිරිසක් පෙනී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් පරික්ෂක සෙනරත් මහතා පෙනී සිටියේය.



අදහස් (1)

ඇවන්ට්ගාඩ් සිද්ධියට සැකකරුවෝ 4 ක් රිමාන්ඩ්

nihal Friday, 02 August 2019 06:34 PM

සූත්තර පුංචේ.., තවත් බයිලාවක්..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 122 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site