IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත්

(ප්‍රින්ස් රත්නායක)
 
වර්ෂාව හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 16 කණුව ආසන්නයේ මාර්ගය තවදුරටත් නායයමින් පවතී.
 
කුඹල්වෙල සිට ඇල්ල කරඳගොල්ල දක්වා ස්ථාන කිහිපයක නායයාම් හා ගිලාබැසීම් දක්නට ඇති අතර, විශාල පස් කඳු, ගල් සහ ජලයද තවමත් පැමිණෙමින් තිබෙනු දැකිය හැකිය.
 
එසේම රාවණා ඇල්ලට කිලෝමීටර් 3ක් පමණ ඇල්ල දෙසට වන්නට විශාල ගලක්  පැමිණ මාර්ගය ආසන්නයේ රැඳී ඇත. කුඹල්වෙල මංසන්ධියේ සහ වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දක්වා මාර්ගය ආරම්භවන සථානයන්හි මාර්ගය භාවිතා කිරීම අවදානම් බව දැක්වෙන පුවරු සවිකර ඇත.
 
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වාහන ධාවනයට සුදුසු ලෙස මාර්ගය සකසමින් ඇති නමුත් මාර්ගයේ වාහන ධාවනය අවදානම් සහගත තත්වයක පවතින බව පොලිසිය කියයි.
 
එබැවින් ප්‍රවේශම් සහගතව රිය ධාවනය සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.  


 



අදහස් (0)

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site