( ඩී.කේ.රත්න)
ඇල්ල අභය භූමියට ඉහළින් ‘ඇල්ල රොක්’ රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර යමින් තිබූ ගින්න අද (23) සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත‍්‍රික් අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර මහතා පැවසීය.
ඊයේ (22) සවස ආරම්භ වූ මෙම ගින්න හවස් කාලයේ හා රාත‍්‍රිය පුරාවටත් අද දහවල් වනවිටත් පැතිරයාමෙන් රක්ෂිතයේ අක්කර 250 ක් පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබේ.
බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ අංශය, දියතලාව යුද හමුදා නිලධාරීන්, දියතලාව ගුවන් හමුදා නිලධාරීන් හා වනජීවී නිලධාරීන් ඒකාබද්ධව විශාල පරිශ‍්‍රමයක් දරා මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.