(ජයන්ත සමරකෝන්)
ආණ්ඩුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පවා අභියෝගයට ලක් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) පැවසීය.
එහිදී කරන ලද සමීක්ෂණයට අනුව පොහොට්ටුවට 70% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවට බියට පත්ව ඇති ආණ්ඩුව ඡන්දය කල්දැමීමට දැඩි පරිශ්‍රමයක් දරන බවද මන්ත්‍රිවරයා කීය.
සෙසු මැතිවරණය කල් දැමූ ආකාරයට එළැඹෙන ජනාධිපතිවරණය පවා කල්දැමීමේ ආණ්ඩුවේ උත්සහය තවමත් අතහැර නැතත්, ඊට කිසිසේත් ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඊයේ රෑ හීනයක් පෙනිලා. ඡන්දෙ තියන්නේ මැතිවරණ කොමිසමෙන්, එ්කට බලපෑම් කරන්න පුළුවන් ජගතෙක් නෑ. කිසියම් නීතිමය හේතුවක් තිබේ නම් අධිකරණයට පමණයි මේ ඡන්ද කල් දමන්න පුළුවන්...
මේ හලෝ අර ගත්තු ණය ගෙවලා ඉන්නවා.. නිකන් හීන දකින්නේ නැතුව..
මෙතුමාගේ මේ කියමන සත්‍යයක්ද? කෙබරයක්ද? යි සිතා බැලීමට හා ඒ අනුව සුදුසු තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට බුද්ධිය පහල වේවා... මතකයි නේද රු.2500 න් ජීවත් වන්නට පුළුවන් කිව් කථාව. ඉදින්, මැතිවරණ කොමිසමේ බල තල, අධිකරණ නියෝග සහ ජනපති, අගමැති හා අදාළ ඇමැති බලතල ගැන සිතීමටත් ශක්තිය ලැබේවා..!!!