IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය ඡන්ද අයදුම්පත් බාර ගැනීම 13න් අවසන්

(ජේ.කේ.එල් චාමින්ද)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර  බාරගැනීම සැප්තැම්බර් 13 දා දිනෙන් අවසන් වන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ. චන්ද්‍රලාල් මහතා පවසයි.

මෙම  මැතිවරණයට අවශ්‍ය වන්නේ 700 පමණ මැතිවරණ නිලධාරීන් සංඛ්‍යාවක් බවද   හෙතෙම පවසයි. ඒ මහතා මේ අදහස් පැවසුවේ ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට අදාළව වත්මන් තත්වය සම්බන්ධයෙන් අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  වරයා මෙසේද කීය.

"ඇල්පිටිය පළාත් පාලන ආයතනයට අදාළව මැතිවරණය පැවැත්වීමේ කටයුතු මේ වන විට අපි කරගෙන යනවා. පොලිස් දෙපාර්තමේන්තුවේත් සහයෝගය අරගෙන  තියෙනවා. මේ වන විට යම් යම් පැමිණිලි ලැබුණා  විශේෂයෙන්ම රජයේ සාමාන්‍ය කටයුතු  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  දේශපාලන මැදිහත්වීම් ඇති බවට. ඒවා ගැන අපි පරීක්ෂා කළා. ඒවා පරීක්ෂා කර බැලීමේදී එතරම් බරපතල තත්වයක්  වාර්තා වුණේ නෑ.

සාමාන්‍යයෙන් මැතිවරණ දේපාර්තමේන්තුවේ  නිළධාරීන්  මැතිවරණ නීති ආරක්ෂා කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැප වෙලා ඉන්න අය.  බාහිර  සාධක පිළිඹඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය නැහැ.

මේ ඡන්දය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් උනන්දුවක් දක්වන්න පුළුවන් නමුත් අපේ උනන්දුව තිබෙන්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය සහතික කරලා දෙන්නයි. ඒ සඳහා අවශ්‍ය කැපවීම අපි කරනවා."

 



අදහස් (0)

ඇල්පිටිය ඡන්ද අයදුම්පත් බාර ගැනීම 13න් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site