(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානයක්කාර)
රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළැයි ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේනතුව තීරණය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරී සුරංග අඹගස්තැන්න මහතා විසින් 2019/03/15 දිනැති ලිපියෙන් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති අංක 41140/16 දරණ නඩුවේ තීන්දුව අනුව පළාත් පාලන ඡන්ද විමසිම් ආඥා පනතේ ( 262 වන අධිකාරිය) 9 (1) (ක) වගන්තිය අනුව පළාත් පාලන ආයතනයක සභාපති ධූරය දැරීමට නුසුදුස්සෙකු වන බැවින් එම පනතේ 10 (1) වගන්තිය අනුව සභාපතිත්වය සහ සභික ධූරය අහිමිවන බව එම ලිපියේ දැක්වේ.
වර්ෂ 2013 මැයි මස 26 දින හෝ ඊට ආසන්න දිනයකදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ කලාපයේ පනාමුර මිද්දෙනිය පාරේ දඬුහැතැක්ම ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදුනු පොලිස් කොස්තාපල් 32636 නන්දසිරි සහ පොලිස් කොස්තාපල් 41604 පී.ජී. චන්‍ද්‍රසිරි යන දෙදෙනා රාජකාරියේ නිරතව සිටිය දී පහරදී තුවාල සිදුකිරීම සහ රජයේ සේවකයන් දෙදෙනෙකුවූ ඔවුන් දෙදෙනාට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබුණි.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිත්වය දැරූ එම්.කේ අමිල සහ තවත් තැනැත්තෙක් ඒ නඩුවේ විත්තිකරුවන් විය.
වරද සිදුකරන වකවානුවේ ද එම්.කේ.අමිල මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටියේ ය. මාස හතරකට පමණ පෙරදී සිදුවූ මෙම සිදුවීම සම්බන්‍ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්‍ධයෙන් අධිකරණයේදී වරද පිළිගනු ලැබීය.
COMMENTS
බොහොම හොද තීරණයක් මෙන්ම සතුටුදායක් පුවතක්. මහජන නියෝජිතයන් යනු මහජනතාවට සේවය කිරීමට ස්ව කැමැත්තෙන් පැමිණෙන්නේ සේවය කිරීමට නම් ඔවුන් අනිකුත් සියලුම පුවවැසියන්ට ආදර්ශමත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. අවාසනාවකට කසිප්පු කාරයන් , කුඩුකාරයන් , රස්තියාදුකාරයන් එම තනතුරුවලට පත්කර ගැනීමේදී මෙවන් සිදුවීම් වැලැක්විය නොහැකි බව මෙයද කදිම උදාහරණයකි.සියලුම පක්ෂවල අයට මෙම පුවත කියවීමට හැකිවේවා!!!!
පත් වෙන්න උදව් කල උදවියගේ මොළයත් අහෝසි කරන්න පුලුවන්නම් !
අර බණ්ඩාරවෙලත් ඔයවගේ සිද්ධියක් වුනා නේද? මැර මන්ත්‍රීවරයෙක් පොලිස් නිලධාරියෙකුට ගහල. එකේ වැඩේ ෂේප් වුනාද දන්නේ නැහැ.
තීන්දුව දෙනකොට ධූරකාලයත් ඉවරයි නේද? බුක්ති විදපු දේවල් නැවත අය කරගත්තත් වැඩක් නෑ. ගුටි කාපු මිනිහත් ඉන්නවනම්, ගහපු මිනිහත් ඉන්නවනම්, ඉසින්දුටු සාක්ෂිත් තියෙනවනම්, මෙච්චර කල් කාබන් පරීක්ෂාවක් වත් කරාවත්ද.
හා ... පත්වීම හොරට? මෙතෙක් කල් ලබාගත් වැටුප් දීමනා අනිකුත් වරප්‍රසාද . ඔක්කොම ගණනය කරලා එම මුදල් සති තුනක් වැනි කෙටි කාලයකදී නැවත අය කර ගැනීමට කටයුතු යොදන්න. නැතිනම් මහජන මුදල් අවභාවිතය ලෙස සලකා නීතිමය කටයුතු කරන්න. හොර මැරකමින් තොර රටක අඩිතාලමේ එක ගලක් හරි තියන්න.
රජයේ සේවකයෙක් නම් අධිකරණයකින් වරදකරු වූ හැටියේම සේවයෙන් පහ කරනවා. මෙයා මාස තුනක් හිරෙත් ඉඳල ගෙදර ඇවිල්ල සභාපති රාජකාරියත් සැහෙන කාලයක් කලාට පස්සෙයි හදිස්සියේ බලධාරීන්ට මතක් වෙලා තියෙන්නේ යකෝ මෙහෙම නීතියක් තියෙනවනේ, අපි එක ක්‍රියාත්මක කරල නැහැ නොවැ කියල.
මැතිවරණ කොමිසමට ප්‍රථම ඔහු නියෝජනය කරන පක්ෂයේ නායකයායි ඔහුව පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකරලා පක්ෂයෙන් පන්නා දැමිය යුත්තේය..... රටට ජනතාවට පක්ෂයට ආදරේ නායක යකෙක්නම් කලයුත්තේ එයයි.
බොහොම හොඳ තීරණයක්. දඬුවම මදි වගේ.. මැරයෝ, චණ්ඩිද ප්‍රාදේශීය සභා පාලනයක් කරන්නේ. ඒ වගේ මෝඩයන්ට අපේක්ෂකත්වය දීපු පක්ෂවල නායකයන්ගේ මොලය වගේම ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ මොලයේ ප්‍රමාණයත් පැහැදිලියි. මොලය ඉතාම අඩු ඇඟේ හයිය විතරක් ඇති සභාපතිලට මෙයා වගේම තංගල්ල, හම්බන්තොටත් උදාහරණ.. මේ තුන්දෙනාම එකම පක්ෂයක සාමාජිකයෝ...
එතකොට පාර්ලිමේන්තුවේ පුටුවලින්, මිරිස් වතුර වලින්, පොලිස් නිලධාරින්ට පහරදෙනවා මුළු ලෝකෙම දැක්ක, රස්තියාදු කාර නුගත් මැරයන් මෙන් හැසිරුණ, මන්ත්‍රීලට එහෙම නීතියක් නැහැද??
කෝ මේ බමුණුආරච්චි? හිතේ අමාරුවටම ඇඹිලිපිටියට දුවලාද, සභාපතිව අස්වසන්න...
ලැජ්ජා නැතිව ආපහු පරණ රස්සාවට ආවනේ... දැන් ඉතින් ප්‍රාදේශීය සභාවට එන්නටත් කලින් කරපු පරණ රස්සාව ඒ කියන්නේ.. රෑට රෑට හොර පොල් කඩන්න, ගස් බඩගාන එක කරන්න වේවි... මෙයාට පමණක් නොවෙයි.. ඔය දියවන්නාවේ මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙන... ඉස්සර හොර පොල් කඩපු ... රටවැසියන්ගේ ලේ උරාබොන මිනීමරු ඌරු රංචුවටත් පොදුයි. ඉදිරි මැතිවරණවලදී රටවැසියන් සියලුදෙනාම එකා ලෙසින් නැගී සිටියොත්... ඒ දවස වැඩි ඈතක නැහැ.
ආ... බමුණුආරච්චි රෙදි හෝදන්න ගිහිල්ලා අර දිහාවේ... කුස්සියේ වළන් ටිකත් සෝදලා වැසිකිලියත් සෝදලාම කමෙන්ට් කරයි.
මහින්දගේ වැඩ ටික හොඳටම කලේ ඔහුය. එසේම බස් රථ රියදුරෙකුට පහර දුන්නේ මොහුගේ බිරිඳයි.
ඔහුගේ සභාපතිත්වය සහ සභික ධුරය අහිමිවීම පමණක් නොව නැවත ඡන්දය ඉල්ලීමේ අයිතියද අහෝසි කළයුතුය.
ඉතාම හොඳ තීරණයක්... මේ විදියටම පසුගියදා පාර්ලිමේන්තුවේ අසෝබන විදියට හැසිරෙමින් පාර්ලිමේන්තු දේපලවලට හානි කළ අයටත් මෙලෙසම දඬුවම් දුන්නොත් තමයි රට යහමගට ගන්න හැකිවෙන්නේ...
අනේ පවු ! උගත් නීතිඥයෝ මෙයාව බේරාගන්න එන්නේ නැතුව ඇති !
කිසිම උගත්කමක් තියා රටේ සිවිල් නීතියවත් හරියට නොදන්නා චන්ඩින් නිකන් ගිහින් මන්ත්‍රී පුටුවල වාඩි වෙන්නේ නැහැ. හීනෙන් වගේ ඡන්ද කොලේ කතිරේ ගසන, මොන ආණ්ඩුවක් හෝ යටතේ තමන්ට ඇඟ බේරාගෙන ඉන්න පුළුවන් යයි සිතු ඡන්ද දායකයන් තමයි මෙයට මුලිකව වගකිව යුත්තේ. කරුණාකර මුහුණ බලා ඡන්දෙ දීම දැන්වත් නවත්වන්න. අපේක්ෂකයාගේ උගත්කම, ඔහුට දේශපාලනය නැතිව ජීවත් විය හැකි වෘත්තීය සුදුසුකම් තිබේද , නීතිගරුකද , සමාජ ආචාර ධර්ම පිළිපදිනවාද යන්න විතරක් නෙවෙයි. ගෙදර ළමාතැනී වැදගත් කුල කාන්තාවක්ද , පිළිගත් ආදායම් මාර්ග තිබේද යන්නත් වැදගත්. නැතිනම් අපිට පිස්තෝල එල්ලකරගත් හාමිනේලා සහ ජනතාවගේ බදු මුදලින් යැපෙන්න බලන් ඉන්න , වයස අඩුවෙන් ප්‍රකාශ කරමින් පෙනී සිටින තොරම්බල් කරත්ත නඩත්තු කරනවා ඇරෙන්න වෙන වැඩක් නැත.
මහින්ද මහත්තය හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ
බමුණු ආරච්චි උන්නැහේ ආයෙමත් වාට්ටුවකට හදිසියේම ඇතුළුවෙලා ප්‍රතිකාර ලබා ගන්නවලු!
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නෙ මේවට තමයි...
රාළහාමිලා මෙයා දැන් නිකම්ම නිකන් මිනිහෙක්. දැන් ඔබලාගේ වාරය.
අධිකරණයෙන් ලැබුණු දඬුවම මොකක්ද?