IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප‍්‍රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

අදාළ ප‍්‍රදාන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය මඟින් වාර්තා කර ඇති ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අද (31) සිය මතය දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

‘‘ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැති ලබා දීමේ පුවත පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම ප‍්‍රදානය වෙනුවෙන් දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමේ පිටපත නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති රාශියක් ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වගකිව යුතු වෘත්තීය සංවිධානයක් හැටියට මෙම ගිවිසුම ගැඹුරින් අධ්‍යනය කර විස්තර වාර්තාවක් සකස් කර ඇති අතර ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාවත් දැනුම්වත් කරනු ලැබ ඇත.ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා විසින් තම සංගමයට සිය ස්තූතිය පළ කරමින් ලිපියක්ද එවා ඇත.

රටක් මෙවැනි ගිවිසුමකට එළැඹීමට ප‍්‍රථම ඒ පිළිබඳ ජනතා අදහස් විමසා ඒ ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා සහ මත විමසීම් සිදුවිය යුතු බව අප සංගමයේ විශ්වාසයයි.එහෙත් , පුවත්පත් වාර්තා මඟින් හෙළිදරව් වනුයේ එවැනි කටයුත්තක් සිදු නොවූ බවය.

ජනතාව දැනුම්වත් නොකර මෙවැනි ගිවිසුම් වලට විවිධ රජයන් අත්සන් කිරීම් පිළිබඳ අතීතයේ  ඕනෑ තරම් උදාහරණයන් ඇත.

මෙම ගිවිසුමේ සැබෑ ස්වරූපය ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් නොදී මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.

එබැවින් කෙටි කාලීන ආර්ථික උවමනාවන් උදෙසා මෙම ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කරනු ලැබු විස්තර වාර්තාව අඩංගු දෑ සැකවින් මෙසේය.

මෙම ගිවිසුමේ ප‍්‍රඥප්තියේ ශ්‍රී ලංකා රජය යන්න වෙනුවට මූල්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නම් කර ඇත.මෙම තත්ත්වය සමස්ත ගිවිසුම ක‍්‍රියාත්මක වීමේදී බලපෑම් ඇති කරයි.

මෙම ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ ‘‘ ඕනෑම වෙනත් ගිවිසුමක් ’’ යන්න සඳහන්  වන අතර ඒ පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් නොමැත.මෙම තත්ත්වය අනාගතයේදී අහිතකර ලෙස බලපානු ඇත.

ගිවිසුමේ 2 වගන්තියේ අදාළ අරමුදලෙහි පොලිය පිළිබඳව නිවැරදි ලෙස අර්ථ දක්වා නොමැත.

3.3 වගන්තිය අනව ශ්‍රී ලංකා රජය ඉදිරියේදී එළැඹෙන වෙනස් ගිවිසුම් වලට මෙම ගිවිසුම සෘජුවම බලපෑම් කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම විදේශීය බලපෑම් එල්ලවේ.

ගිවිසුමේ ඇමිණුම් අංක අනුව මෙම ගිවිසුමෙන් මූලිකව ඉඩම් අලෙවි පිළිබඳ කරුණු ගෙන හැර පා ඇත.එය මෙරට ඉඩම් සංවර්ධන පනතට පටහැනිය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාර්ලිමේන්තුව සතුවේ.වෙනස් රටක ගිවිසුමක් මඟින් ඊට බලපෑම් කළ නොහැක.මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් සිදුවේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් බලවත් රටකි.එබැවින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම බලපෑම් සිදුවේ.

එබැවින් මෙම ගිවිසුම මඟින් සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බව ශ්‍රී ලංකා නීතීඥ සංමයේ මතය වේ.

 



අදහස් (15)

ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා

chandima Thursday, 31 October 2019 01:35 PM

කොහෙද ඔය කියන ස්වෛරීභාවය දැන් ඉතුරුවෙලා තියෙන්නේ? තවත් පහු වුණොත් ඉන්දියන් කාරයන් ඔය තුට්ටු දෙකටත් විදිනවා. ඉන් පස්සේ චීනාගෙන් තායි ස්වෛරීභාවය සල්ලිදීලා ගන්න වෙන්නේ. නීතිඥයින්ට රටේ දියුණුවෙන් වැඩක් නැහැ. ගිනිකන සල්ලි තියෙන නිසා... නමුත් රටවැසියන් ඉන්නේ අමාරුවෙන්. කිසිම සංවර්ධනයකට මුදල් නැහැ. රීරි යකා හරි එක්කලා එකතුවෙලා රට ගොඩගන්න අවශ්‍ය වෙලාවක් මේක... ඔය ගිවිසුමෙන් පස්සේ විවෘත වෙන ඇමෙරිකානු වෙළඳපොල අර 225 දෙනා කාබාසිනියා නොකළොත් රටට හොඳ කලක් යනවා සිකුරුයි. ඒ වුණාට ඔය කියන නීතිඥයින් තමුන්ගේ ළමයි එවන්න හදන්නේ ඇමෙරිකාවට...

:       1824       932

Mahee Thursday, 31 October 2019 01:36 PM

ඇමෙරිකාවට ගැතිවීම කුමන රජයක් ආවත් ඉදිරියේදීත් සිදුවනු ඇත. රට ගැන හිතනවාට වඩා කුමන බලවත් රටකට හෝ හේත්තු වී බලයේ වැජඹීම මහපක්ෂ දෙකේම බලාපොරොත්තුවයි.

:       112       168

Aruna Thursday, 31 October 2019 02:19 PM

ගරු නීති සංගමයේ නිතීඥ මහතුනි, කරුණාකර ශ්‍රේෂ්ට අධිකරණයටවත් කරුණු දක්වලා පෙත්සමක් ඉදිරිපත් කරලා තහනම් නියෝගයක් ගන්න බැරිවේද? ඡන්දය අවසන් වෙන තුරුවත්... මේක මැතිවරණ කාලය නිසා හා මේ ගිවිසුමෙන් රටේ ස්වෛරී භාවයට හානි වෙන නිසා. සමහරු කියන විදියට රජය කඩිමුඩියේ මේ ගිවිසුම අත්සන් කරන්නේ ඡන්දයට... ඒ සල්ලිත් වියදම් කරන්න වියහැකියි. සමහරුන්ට ඕනේ රට විකුණලා හරි සල්ලි හොයාගන්න. එජාපයේ අයට රටක ස්වෛරී බව ගැන හැඟීමක් හෝ තේරුමක් නැහැ.

:       61       351

saaliThursday, 31 October 2019 02:54 PM

ඒ කාලේ කළා වගේ.., චීනාගෙන් ගන්න එක, චීනාට උගස් කිරීම හොඳ යයි තීන්දු කරමු.

:       242       242

K.A.K.Perera Thursday, 31 October 2019 02:54 PM

රටට හිතකර හෝ අහිතකර ගිවිසුම් අත්සන් මෙම අවස්ථාවේ කිරීම ජනතාවට හෙළිකල යුතුයි.

:       0       135

anandaFriday, 01 November 2019 09:45 AM

රටට හෙළිකොට ගිවිසුම් අත්සන් කරන වෙනත් දියුණු සමාජයක් ඇති රටකට හොදයි. නමුත් එය ලංකාවට සුදුසු නැහැ. මොකද ලංකාවේ ඉන්නවා නරුමයෝ රැළක්. මොවුන් දේශපාලන මඩගොහොරු වල ලගින බඩ ගෝස්තරයෝ. රට ගැන කිසිම හැගීමක් නෑ. හැම දෙයකට වැරදි අර්ථකථන දෙමින් බොරුවෙන් මිනිසුන් මුලා කරනවා. ඒ නිසා මේ රටේ යහපත් දෙයක්වත් කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. හැම දෙයකටම දේශපාලන වාසි ගන්න හදනවා.

:       5       7

Rata Perata Thursday, 31 October 2019 03:36 PM

ලෝකයේ දියුණු රටවල් සිය ගණනක් මේ වැඩසටහනේ ඉන්නවා. මේ මිනිස්සු මේ ඡන්දෙ වෙලාවේ බොර දියේ මාළු බාන්න හදන්නේ. එ්ත් දැන් ඉතින් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් කියලා කියන්න බයයි.

:       97       202

kamaniThursday, 31 October 2019 04:42 PM

මේ ගිවිසුම අනුව අපේ රටෙන් අක්කර ලක්ශ 2 ක් විතර ත්‍රිකුණාමලයට යනකම් තීරුවක් ඇමෙරිකාවට හිමිවෙනවා.ඒ තීරුවේ තියෙන ඛනිජ වර්ග සියල්ලම ඒගොල්ලන්ට. ඇමෙරිකන් හමුදාව මෙහාට එනවා ඒ අයට හිතෙන වෙලාවට. ඒ අයට විරුද්ධව අපේ රටේ නීතියෙන් ක්‍රියා කරන්න බැහැ. ඔබ වැනි වහලුන් සිටිනතාක් කල් මේ රට නැත්තටම නැතිවේවි.

:       7       5

ThiwThursday, 31 October 2019 07:34 PM

ඔබ පවසන්නෙ අමූලික බොරු.

:       5       5

Amila Thursday, 31 October 2019 05:19 PM

මේ වෙලාවේ ගිවිසුම්වලට යෑම වැරදියි තමයි. නමුත් එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානිවනවා නම්, අර හිටපු ඇමරිකානු පුරවැසියෙක් වගේම ඔහුගේ පවුලේ අය තවමත් ඇමරිකන් පුරවැසියා වන පුද්ගලයා යම් විදියකින් ජනාධිපති වුණොත් රටේ ස්වෛරීභාවයට හානිවෙන්නේ නැද්ද මහත්තයෝ? ලස්සනට රූකඩය නටවයි ඕන ඕන විදියට.. ඒක නිසා ඔය ගිවිසුම්වලට විරෝධතා දක්වනවා වගේම ඒ රූකඩයටත් විරෝධය පාන්න තිබුණා හරි නම්.. මේවා දෙබිඩි ප්‍රතිපත්ති...!

:       0       0

wasantha Friday, 01 November 2019 12:00 AM

තව සුමාන තුනක් ඉවසන්න.

:       0       0

ලුම්බිණි Friday, 01 November 2019 01:35 AM

ඇමෙරිකාවත් එක්ක තිබෙන අපේ නෑදෑකම් වැඩි වෙමින් යන කාලයක මේක ගත්තම මොකද්ද වැරැද්ද?

:       0       0

sharm warn Friday, 01 November 2019 03:11 AM

සුපුරුදු ඩොලර් හිගමනේ සතුට විදින්න කෙල වෙලා යන බව දැන දැන ම මේක කරන්නේ සල්ලි ටික බලාගෙන. සජිත්ට ලැබෙන ඡන්ද ටිකත් දෙයියන්ගේ පිහිටෙන් නැති වෙලා අනිත් අයට ඒ වාසියත් ලැබෙයි. අනිත් එක වෙනත් අපේක්ෂකයෙක් පත් උනාම මේ සල්ලි ටිකත් ඒ අයගේ බුදලේ කරගෙන තව කන්න පුළුවන්නේ. බලාගෙන ඉන්නකෝ. නැතිනම් හැම මගුලටම උසාවි දුවන කට්ටිය මේකට විරුද්ධව නඩුවක් දාල මේක නවත්වන්නේ නැත්තේ ඇයි?

:       0       0

lalithm Friday, 01 November 2019 04:46 AM

එතකොට අපේ අපේක්ෂකතුමත් ඇමෙරිකානුද ?

:       0       16

NausbiFriday, 01 November 2019 09:17 AM

හරියට හරි ඔබ සඳහන් කළ දේ. අපිට ඇමෙරිකානු ආධාර එපා. ඇමෙරිකන් ජනාධිපති කෙනෙක් පත්කර ගමු.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 215 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1285 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 500 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 455 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1538 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 510 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site