ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විද්‍යා හා තාක්ෂණික පාසලක් වන මෙය ඩෙන්වර් නගරය ආසන්නයේ හයිලන්ඩ් රෑන්ච්හි පිහිටා ඇත.
ඝාතකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා පාසලට ගොස් ස්ථාන දෙකකදී වෙඩිතබා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක්අයෙකු තරුණයෙකු වන අතර අනෙකා වැඩිහිටි පුද්ගලයෙකු බවත් දෙදෙනාම එම පාසලේ ආදි සිසුන් වන බවත් සොයාගෙන ඇත.
වෙඩිතැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
ලෝකෙම විකෘති වෙලා. මිනිස්සු මිනිසුන්වම මරනවා. මෘගසඤ්ඤාවේ ලක්ෂණ වගේ...
දියුණු යැයි කියන රටවල් අතරින් ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත් වීමටත් වඩා අනතුරුදායකයි. කොයි වෙලාවේ වෙඩි පාරක් කන්න වෙයිද කියා බයෙන් ඉන්න වෙන්නේ... වෙඩි කෑවත් රක්ෂණයක් නැත්නම් ප්‍රාථමික ප්‍රතිකාර විතරයි ලැබෙන්නේ...
ගෝඨා අන්කලුත් පුරවැසිකම අයින් කළේ, එහෙයි මෙහෙයි වෙනසක් නැති නිසා තමයි.
මේ වතාවේ මරණ එකයි, වෙනලා නම් දුසිම් ගානක් ,මෑතකදී හෝටලයක සිට සංගීත සංදර්සනයකට වෙඩි තියලා 300 ගානක් මැරුවා, කුකුල්ලු ගානට මිනිස්සු මරණ රටක්.