IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇමරිකාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව නැගෙනහිර මුහුදේ නාවික අභ්‍යාසයක

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව පවත්වන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී ඉකුත් 26 වැනිදා ආරම්භ විය.

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව පැවැත්වෙන මෙම අභ්‍යාසයේ මුහුදු අදියර 26 සහ 27 දෙදින පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 'සයුරළ' සහ 'ගජබාහු'යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානා දෙකක් ද ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් Littoral Combat Ship වර්ගයට අයත් 'චාල්ස්ටන්' (LCS – 18) නෞකාව සහ එම නෞකාවට අයත් එම්.එච් – 60S වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද එක් විය.

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාව ද ‍සමුද්‍රීය ආවේක්‍ෂණ අභ්‍යාස සඳහා එක්වූ අතර උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස සහ රාත්‍රි නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාස 26 වැනිදාත්, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස ජුනි මස 27 වැනිදාත් සිදු කෙරිණි.

සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් අද (28) සහ හෙට (29) දිනයන්හි පැවැත්වෙන අතර එයට සයුරළ සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බී - 200 වර්ගයේ නිරීක්‍ෂණ ගුවන්යානාවක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද නාවික චාල්ස්ටන් (LCS – 18) නෞකාව සහ Boeing P-8A Poseidon වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවත්, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) Destroyer වර්ගයට අයත් JMSDF Yuugiri නොකාව සහ එම නෞකාවට අයත් SH - 60J වර්ගයේ හෙලිකොප්ටර් යානාවද එක්වීමට නියමිතය.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජුනි 30 වන දින පැවැත්වීමට නියමිත බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සදහා අවශ්‍ය නව දැනුම, ක්‍රමෝපායන් සහ අත්දැකීම් රැසක් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවන බව නාවික හමුදාව පවසයි.



අදහස් (4)

ඇමරිකාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව නැගෙනහිර මුහුදේ නාවික අභ්‍යාසයක

Sri Lanka Monday, 28 June 2021 04:20 PM

ඔන්න ඕවාට තමයි කියන්නේ ආයුධ විකුණා ගැනීමට කරන කපටි සැලසුම්...

:       13       3

කුමාර Monday, 28 June 2021 07:10 PM

චීනයට පේන්න ලංකාව කෙටවීම...!!! 

:       1       1

BamunuarachchiTuesday, 29 June 2021 08:12 PM

චීනේ අහුවෙයි ඕවාට...

:       0       0

Bamunuarachchi Tuesday, 29 June 2021 08:11 PM

ඇමරිකාව, ජපානය එක්ක අපි කරන නාවික අභ්‍යාසය මොකක්ද? මම හිතන්නේ පතුරම්, කොපු එකතු කර දෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site