IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් වීසා අයැදුම්කරන්න එපා'යි මරික්කාර් ඉල්ලයි

(විනීතා එම් ගමගේ)

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට වීසා ලබා නොදීමට ඇමෙරිකානු රජය දමා ඇති වාරණය ඉවත් කරන තුරු ඇමෙරිකාවෙන් වීසා අයදුම් නොකර ඉන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් මහතා ප‍්‍රකාශ කළේය.

ශවේන්ද්‍ර සිල්වා මහතාට දැමූ තහනම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට දැමූ තහනමක් සේ සැළකිය යුතු යැයි ද එකී වාරණය තරයේ හෙළා දැකිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඔහුට පනවා ඇති තහනම ඉවත් කරන තුරු තමන් කිසිම විටෙක දී ඇමරිකාවෙන් වීසා නොඉල්ලන බව පැවසූ මරික්කාර් මහතා එසේ කරන්නැයි සියලූ ශ්‍රී ලාංකිකයන්ගෙන් ද විශේෂයෙන් පොහොට්ටුවේ පිරිසගෙන් ද  ඉල්ලා සිටින බව කීය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (26)

ඇමෙරිකාවෙන් වීසා අයැදුම්කරන්න එපා'යි මරික්කාර් ඉල්ලයි

kamal Monday, 17 February 2020 09:04 AM

එතොකොට එම්සීසී එකත් එපා කියනවද?

:       1       117

kap Monday, 17 February 2020 09:05 AM

මෙයා වගේ අය ඉතින් මේ වගේ කිසිම ප්‍රයෝගික නැති දෙයක් තමයි කියන්නේ. මෙයා අවරුදු 10 මල්ටිපල් වීසා ගහගෙන ඇති. අපිට කියනවා වීසා ගන්න එපාලු.

:       95       114

krishantha Monday, 17 February 2020 09:09 AM

දැක්කද , කෙලින් නායකයෙක් බිහිවුනහම, වෙනස් වෙන හැටි.

:       178       201

athuraMonday, 17 February 2020 09:29 AM

ප්‍රශ්නේ තියෙන්නේ ඔය කෙලින් නායකයට ඔය කිසිම ප්‍රශ්නයක් නැති එකනේ.

:       169       108

BamunuarachchiMonday, 17 February 2020 10:14 AM

කෙලින් මිනිසුන්ට ඕවා එකක්වත් ප්‍රශ්න නොවෙයි.

:       10       37

sunimal Monday, 17 February 2020 09:15 AM

ඔය නොකිය කියන්නේ කුමක්දැයි ගැඹුරින් සිත බැලිය යුතුය. 1. ඇමෙරිකන් කාරයා කල දේ හරි වැරැද්ද අපට අදාල නැත. 2. ඇමරිකන් කාරයට ගැටුමක් නිර්මාණය කර ඇත. හිවල් මොලය පාවිච්චි කර අපි වාසි නෙලාගත යුතුය. 3. බටහිරට ගැති නැති වර්තමාන ආණ්ඩුවට අපහස කිරීමට අවස්ථාවාදී විය යුතුය. 4. ආණ්ඩුව ඇමරිකාවට විරුද්ද නැති බව හුවා දක්වා වාසි ලබා ගත යුතුය. 5. ආණ්ඩුවට පෙර ඇමෙරිකාව විවේචනය කිරීමට ඉදිරිපත් විය යුතුය.

:       67       8

De Monday, 17 February 2020 09:17 AM

පොහොට්ටුවේ ලොක්කත් ඇමරිකාවේ. ඉතින් එහෙ යන්නේ නැතුව ?

:       34       332

Goldfish Monday, 17 February 2020 09:18 AM

මරික්කාර් ට මොකද වෙලා තියෙන්නේ එක පාරටම.

:       35       72

chandana Monday, 17 February 2020 09:25 AM

එහෙම කොහොමද? ජනාධිපතිතුමා දරු පවුල බලන්න යන්නේ කොහොමද?

:       30       339

ranjith Monday, 17 February 2020 09:30 AM

ඇත්තටම රටේ මිනිස්සු රණවිරුවෝ වෙනුවෙන් එවන් කැප කිරීමක් කරන එක හොඳයි.

:       24       26

maaraya Monday, 17 February 2020 09:33 AM

මෙයාල හීන් නුලෙන් මොකටද මේ එන්නේ?

:       35       34

Kamal Siritunga Monday, 17 February 2020 09:37 AM

කියමනක් තියනවනේ බල්ලෙක් බිරුවට කන්දක් පෙරලෙන්නේ නැහැ කියලා. මේ වගේ අවස්ථාවක ඔලුවෙන් මිස කටෙන් නොවෙයි වැඩ කරන්ඩ ඕන.

:       7       93

Gamage Monday, 17 February 2020 09:44 AM

ජනාධිපතිතුමාට කියන්න දැන් මුලින්ම තමන්ගේ දරුවන්ගේ වීසා ඇයින් කරගන්න කියලා. අපේ හමුදාපතිට විසා දෙන්නේ නැත්නම් අපේ පවුලටත් එපා කියන්න. එහෙම නේද ? පවුලට වඩා රට ලොකු නැද්ද ?

:       2       78

රණවිරු Monday, 17 February 2020 09:46 AM

එහෙම කරොත් අමෙරිකාවට පාඩු වෙයිද ?

:       12       10

wimal Monday, 17 February 2020 09:53 AM

අපේ ජනාධිපති ඕවට මුණ දෙයි අපි එයාට 2/3 බලයක් හදලා දුන්නොත්. ඒක අනිවාර්යෙන් අපි කරනවා.

:       208       87

athuraMonday, 17 February 2020 10:46 AM

2/3 ගන්නෙ අර පහුගිය දවස්වල ත්‍රස්තවාදී කියලා මැරෙන්න හදපු කට්ටියත් එක්කද.

:       0       33

සෙනෙවිරත්න Monday, 17 February 2020 09:54 AM

මරික්කාර්, බැසිල්ට ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ගන්න කියන්න

:       0       9

උපුල Monday, 17 February 2020 10:09 AM

එතකොට අපි ඇමරිකාවට යන්නේ ඉන්දියානු වීසාවෙන්ද?

:       2       107

Naushad Monday, 17 February 2020 10:12 AM

ඇමෙරිකාවේ හමුදාපති තමා ලෝකෙම ලොකු ත්‍රස්තවාදියා. ඔහුට අනිකුත් රටවල් වලට ඇතුල්වීම් තහනම් කලයුතුයි. හැම දේශපාලකයකුම ඇමෙරිකාවට කඩේ යනවා. අපේ හමුදාපති තුමාගේ ප්‍රතිචාරය මා ඉතා අගයකොට සලකනවා.

:       0       126

Bamunuarachchi Monday, 17 February 2020 10:16 AM

ඔන්න හැරෙනවා පොල් පැලේ කොච්චර ඈතින්ද තිබෙන්නේ?

:       2       1

beau Monday, 17 February 2020 10:18 AM

බොහොම හොඳ අදහස. ඇමෙරිකන් පරදෙසීන්ටත් වීසා දෙන්න එපා.

:       0       35

Pathi Monday, 17 February 2020 10:21 AM

අපි ඇමරිකා යන්න අවශ්‍ය නැහැ . ලංකාව ඇමරිකාව වගේ හදාගමු කට්ටියම මහන්සි වෙලා. එතකොට එයාල මෙහෙ එන්න වීසා ගනී. රට හදන්න හොඳම වෙලාව මේ.

:       0       26

Sriyal Monday, 17 February 2020 10:44 AM

ඔබට පිස්සු වුනාට අපට පිස්සු නැත. අභියෝග වලට මුහුණ දීමට හැකියාව තිබිය යුතුය. එමගින් අපගේ රටෙ නම බැබලවිය හැක. කාන්තාවක් වශයෙන් අවුන්සාන් සුකී තම රට වෙනුවෙන් සාර්ථක ලෙස ජාත්‍යන්තර අධිකරණ සදහා ඉදිරිපත් විය.

:       23       41

anuruddha Monday, 17 February 2020 12:04 PM

අපි ඇමෙරිකන් දේවල් වර්ජනය කරමු.

:       0       1

chandima Monday, 17 February 2020 01:12 PM

මේ කොරෝන වයිරසේ හින්ද සංචාරකයන් එන එක අඩුවෙලා හොම්බෙන් ගිහින් ඉන්න වෙලාවේ ඇමෙරිකන් කාරයොත් ලංකාවට එන සංචාරකයින්ට එන්න එපා කිව්වොත් මාලා තමයි? මර්ක්කර් ලේබ්බෙට මිනිස්සු කරන දේ හිතාගන්නත් බැහැ එතකොට?

:       0       1

Bamunuarachchi Tuesday, 18 February 2020 05:44 AM

"මරික්කාර්, බැසිල්ට ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ගන්න කියන්න" මේ හාදයාටනේ කාගේවත් ඇමරිකන් පුරවැසි කමනේ අමාරුවක් වෙලා තිබෙන්නේ. මෙච්චරකල් කැස්සා ඝෝඨාභයට ජනාධිපති කම කරන්න බැහැ කියලා. හොට බිම ඇනගෙන දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 656 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 361 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site