IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ඇමෙරිකානු හමුදාවට රටට එන්න - කඳවුරු බඳින්න දෙන්නේ නෑ’

(රංජන් කස්තුරි)

ඇමරිකානු හමුදාවන්ට රටතුළට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට හෝ ඉඩ නොතබන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ඇමරිකාව සමඟ හෝ වෙනත් කිසිදූ රටක් සමඟ හෝ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බවද රුවන් විජයවර්ධන මහතා කීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එසේ කීවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (04) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රුවන් විජයවර්ධන මහතාගේ එම විශේෂ ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

"ඒකාබද්ධ විපක්ෂයත් යම්කිසි පිරිසකුත් රජයට අලුත් චෝදනාවක් ඉදිරිපත් කරනවා.ආණ්ඩුව ඇමරිකාව සමඟ හොර ගිවිසුමකට එළඹී තිබෙන බවත් ඔවුන් කියනවා.

ආණ්ඩුව එවැනි හොර ගිවිසුමකට එළැඹී නැහැ.ඉදිරියේදී රටට අහිතකර ගිවිසුම්වලට එකඟවන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

අපේ ආණ්ඩුව මේ වගේ ගිවිසුම් වලට අත්සන් කරන්න සූදානම් නැහැ.කිසිසේත් ඇමරිකානු හමුදාවට රටට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ තබන්නේ නැහැ.

ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවානම් එවැන්නක් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් කෙසේ වෙතත් මා නැවත සඳහන් කරන්නේ එවැනි කිසිඳු ගිවිසුමකට අපි අත්සන් කරන්නේ නැහැ" ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා කීය.



අදහස් (11)

‘ඇමෙරිකානු හමුදාවට රටට එන්න - කඳවුරු බඳින්න දෙන්නේ නෑ’

Chandima Thursday, 04 July 2019 03:35 PM

අනේ ඔයාට කියලනේ ඕවා සිද්ධ වෙන්නේ...

:       41       751

Rasika Thursday, 04 July 2019 03:43 PM

දැන් නිකන් බොරු කියවල වැඩක් නැහැ. ගිවිසුමේ සියලු වගන්ති පත්තරේ පල වුණා. එ්ක කියවන ඕනෙම කෙනෙක්ට තේරෙනවා මෙයාලා අත්සන් කරන්න ගියේ මොන තරම් භයානක ගිවිසුමක්ද කියලා... මංගල හමුදාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලේ ගිවිසුම අත්සන් කලේ ඔබතුමාගෙන් අහලද? මේවා දේශද්‍රෝහී ක්‍රියා මේවා කරපු අයව අත්අඩංගුවට ගන්න ඕනේ...

:       210       1223

sirisenaFriday, 05 July 2019 05:13 AM

ඇමෙරිකාවට ලංකාවේ යුධ කදවුරක් අවශ්‍ය නම් ගිවිසුම් නැතුව හෝ ඔවුන් එක ඉටු කර ගන්නවා.

:       0       0

Appuhamy Thursday, 04 July 2019 03:46 PM

ලෝක පච තමයි ..

:       56       262

Chandima Thursday, 04 July 2019 04:54 PM

අන්න එහෙම කස කරකවලා ලකුණු දාගන්නකෝ... එහෙම නැතුව කොහොමද ඉස්සරහට කරඬුව වඩම්මන්නේ?

:       150       518

arachchi Friday, 05 July 2019 02:44 AM

මාධ්‍යට පින් සිද්ද වෙන්න මේක එලියට අවා.

:       0       0

Bamunuarachchi Friday, 05 July 2019 06:24 AM

හලෝ "සෝෆා " ගිවිසුම ගැන විරුද්ද පක්ෂය කතා කලේ මාස ගණනකට ඉස්සෙල්ලා දැන්ද ඔහෙට මතක් උනේ කිසිදූ රටක් සමඟ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට රජය කටයුතු නොකරන බව කියන්න.

:       0       1

thilakasiri Friday, 05 July 2019 06:32 AM

1975 සිරිමා රජයට විරුද්ධව ඇතිවූ කොටි යුද්ධය 1977දී ජේ.ආර් බලය ගත් වහාම නැතිකර විවෘත ආර්ථිකය හදා ලෝක ධනවතුන් ගෙන්වා නිදහස් වෙළඳ කලාප හදා රට සීඝ්‍රව දියුණු කරද්දී 1983දී ඒකාධිපති ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය එපා කියමින් එජාප විරෝධීන් කළු ජුලිය ඇතිකර නැවත කොටි යුද්ධය මතු නොකළා නම් ශ්‍රී ලංකාව අද ඉතා දියුණු රටක්... ජේ.ආර්. විධායක ජනපති ක්‍රමය හැදුවේ එදා ඔහුට විරුද්ධව පැවැති බලවේග 6ක් මර්ධනය කර එසේ රට දියුණු කරන්නයි. එජාප විරෝධීන් ජේ.ආර්. ගේ ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය පට්ටගහමින් ඒකාධිපති ජනපති අහෝසි කිරීමට පොරොන්දු වී ජනවරම ලබා බලයට පත්ව ජනපති බලතල තවත් වැඩි කරගනිමින් බලලෝභයෙන් ක්‍රියා කරද්දී වත්මන් ජනපතිද විධායක බලය අහෝසි කර පදවියෙන්ද ඉවත්වන බවට පොරොන්දුදී එජාපයේ පූර්ණ සහයෙන් බලයට පත්ව තම පක්ෂයේ පරාජිතයින්ටත් ඇමතිකම්දී එජාපයට පහර ගසමින් බලලෝභයෙන් පිස්සු කෙළිමින් අගමැතිත් එලවා දැමූ වේලෙයි එයාගේ කැමැත්තෙන්ම එයාගේ බලය 98%ක් රනිල් අහෝසිකරලා කියලා දැනගත්තේ... ඇමරිකන් හමුදාව රටට ගේනවා කියා බිල්ලෝ මවන්නෙත් එසේ ජනපති ක්‍රමය හා විවෘත ආර්ථිකය පට්ට ගහමින් බිල්ලෝ මවපු අයමනේ... දැන් මෙයාලට රැවටෙන්නේ නැත...

:       1       0

BamunuarachchiSaturday, 06 July 2019 10:56 AM

එජාපය මොකටද සිරිසේනට පූර්ණ සහය දුන්නේ? රනිල්ව ජනාධිපති කරන්න තිබුණානේ. මොකෝ බැරිවුනේ...? පූරණ සහයෙනුත් වැඩිපුර ලැබුනේ ඡන්ද දෙලක්ෂ පනස් දාහනේ. ඉතින් රටට වෙච්ච සෙත කියන්න කාගේවත් නම් විකුනන්නේ නැතිව. ඔබගේ ඔය අසහාය නායකයා නේද රටට නොගැලපෙන පළාත් සභාවක් ගෙනාවේ.. යුද්ධය දිනාගන්න බැරිව වලිකෑවේ. 2005 රාජපක්ෂලා බලයට නාවානම් අද රටේ තත්වය මොකක්ද?

:       0       0

anura Friday, 05 July 2019 06:59 AM

ඔබතුමා ආරක්ෂක ලේබලය ගහගෙන පඩිගන්න නිකම් නිකම් කෙනෙක්. මෙතෙක් කල් රටේ ආරක්ෂාවට මොනවාද ඔබ කරලා තියෙන්නේ?

:       0       1

thilakasiri Friday, 05 July 2019 09:18 AM

එදා එජාපය විධායක ජනපති හා විවෘත ආර්ථිකය ගෙනෙත්දී එපා කියලා බිල්ලෝ මවලා පට්ට කතා කියපු අද එජාපය ජනපති ක්‍රමය අහෝසික්රත්දී එය නැතුවම් බෑ කියන අයනේ මේ ඇමරිකන් බිල්ලත් මවන්නේ නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site