IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

(අජන්ත කුමාර අගලකඩ)

යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ.

එම ගිවිසුම අධ්‍යනය කර සතියකින් පමණ වාර්තාවක් ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

සතියේ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (20) උදේ 8.30 ට පමණ රැස්වූ අතර එහිදී එම ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

යෝජිත ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතුව ඇතැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් රැස්වීමේදී අවසන් එකඟතාවකට පැමිණ ඇත.

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම යටතේ ඇමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නවීකරණය හා ඉඩම් පරිපාලන ගැටලු නිරාකරණය වෙනුවෙන් පිරිනැමෙන මෙම මුදල වාරික කිහිපයක් යටතේ වසර 5 ක් තුළ ලබාදීමට යෝජනා වී ඇත.



අදහස් (19)

ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

chandima Tuesday, 20 August 2019 06:13 PM

බයවෙන්න දෙයක් නැහැ. එතකල් දුවන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් එහෙම ණයක් ගත්තනේ. ඒ ටික ඉවර උනාම පුලුවනිනේ?

:       101       41

chandima Tuesday, 20 August 2019 06:15 PM

ඒ සල්ලි ගත්තත් වියදම් කරන්න යන්නේ රටටවත් ආර්ථිකයටත් ඉක්මන් ප්‍රතිපලයක් නොලැබෙන වැඩකට නම් ඇති පලක් නැහැ.

:       34       87

Indik Wednesday, 21 August 2019 12:19 AM

ඡන්දේ පහු වෙනකම් අයියෝ. ඊට පස්සේ පස්සේ අපි ඔයාලට දෙන්නම්

:       3       0

Sam Wednesday, 21 August 2019 12:36 AM

ගිවිසුම හොඳට අධ්‍යනය කර අත්සන් කල යුතුව ඇත. පරිත්‍යාගයක් සඳහා ගිවිසුම් අවශ්‍ය නොවේ. මෙහි යම්කිසි රටට අහිතක් වෙන යමක් ඇති වග පෙනී යන නිසා ජනාධිපතිතුමා හරි.

:       108       37

dare Wednesday, 21 August 2019 01:55 AM

ඉක්මනට ගන්න පුළුවන් නම් හරි.

:       23       2

මුණසිංහ Wednesday, 21 August 2019 02:00 AM

ඇති යාන්තං ඒ ගැටෙන් ගැලවෙන්න තරම් නුවණක් මෛත්‍රිට පහල වුනා.

:       1       89

Arachchi Wednesday, 21 August 2019 04:05 AM

MCC හා SOFA තාවකාලිකව හෝ නැවත්වීම ගැන මෛත්‍රී ඔබට ස්තුතියි.

:       221       179

Chanak los angeles Wednesday, 21 August 2019 04:29 AM

මේ මුදල ණයක් නොව පරිත්‍යාගයක් . මොහු මෙය අත්සන් කරන්න ජනවාරියට කල් මරන්නේ මෙය වික්‍රමසිංහ රජයට ලැබෙන නිසා රජය සමහ ඊර්ශාවත් ඇතිකරගෙන සාටකයන් බලයට ඒවි කියා හිතාගෙන ඔවුන්ට මේ මුදල උන්ගේ රජයක් යටතේ ලබා ගන්නට පාර කැපීමයි ? බොරුනම් බලන්න මොන සාටකයා ඉල්ලුවත් පරාජය නියතයි .

:       230       247

විජිත් Wednesday, 21 August 2019 06:57 AM

මේක පරිත්‍යාගයක් නොව උගුලක්

:       164       158

chinthakaWednesday, 21 August 2019 08:24 AM

අපේ මිනිස්සුත් පමණට වඩා අනික් රටවල් වලට සහයෝගය දෙන්න යනවා....

:       0       9

dilanWednesday, 21 August 2019 08:27 AM

පරිත්‍යාගයක් නම් ඇයි සහෝදරයා ගිවිසුම් අත්සන් කරන්නේ? දැන් ඔබතුමාට ඇමෙරිකාවේදී කවුරු හරි නිකන් කීයක් හරි දුන්නොත් ඒ දුන්න කෙනා ඔබතුමා එක්ක ගිවිසුමක් අත්සන් කරනවද??

:       1       5

asoka Thursday, 22 August 2019 05:27 AM

ලංකාවේ ගෝත්‍රිකයෝ වගේ නෙමෙයි ඇමෙරිකාවේ ඉන්න බදු ගෙවන මිනිස්සු. ඇමෙරිකාවේ මුදල් පරිතාග්‍යක් හැටියට දුන්නත් ඒවා දෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගේ මුදල් නිසා එම මුදලට වග විය යුතු නිසයි ගිවිසුම් අත්සන් කරන්නේ. නැත්නම් ලංකාවේ කලින් කරා වගේ 225 සාක්කුවට දාගන්නවා. ගිවිසුම් අත්සන් කිරීමෙන් එම මුදල් හොරකම් කිරීම අඩුවෙනවා. සිරිසේනට රටට හෙන ගහලා ගියත් කමක් නැහැ

:       0       1

palitha Wednesday, 21 August 2019 05:32 AM

කිසි ප්‍රශ්නයක් නැත, ඔය සහයෝගී තාවය ගැන අපි හොඳට දන්නවා, එයාල ඔය වගේ සහයෝගීතාව දුන්නු රටවල් අදටත් ගහ මරාගන්නවා, ලෝකේ බහුතරයක් මේ අවස්ථාවේ යුද්ද පවතින රටවල් වල යුද්දයට හේතුව හොයාගෙන ගියාම අන්තිමේ කොනක ඉන්නේ ඇමරිකාව.

:       0       97

Nalaka Wednesday, 21 August 2019 06:04 AM

වසර 2000දි යුඑන්පි මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න යද්දී විමල් වීරවංශ කෑගහල එක නැවැත්තුව. 2005 මහින්ද ආවම ගෝඨා ඒ ක අත්සන් කළා. වීරවංශලා සද්ද නැතුව හිටිය. දැන් ආයෙත් ඒකම වෙන්නයි යන්නේ. බලන්න බැරිය ගෝඨා ආවම මේක අත්සන් කරන හැටි.

:       110       239

පොහොට්ටු බුද්දීමතා Wednesday, 21 August 2019 09:59 AM

ගෝඨා අත්සන් කරන ගිවිසුම් හොඳ ගිවිසුම්. මේවා නරක ගිවිසුම් එ්කයි.... විරවංශ, සිරා, ගෝඨාගේ ගිවිසුම් වලට විරුද්ධ නැත්තේ? මේ ගිවිසුමම ගෝඨා අත්සන් කළොත් හොඳ ගිවිසුමක් වෙනවා.

:       0       4

chinthakaWednesday, 21 August 2019 10:17 AM

ලංකාවේද? අපි දන්නේ නැහැනේ MCC හා SOFA ගිවිසුම් මීට පෙර රජයන් අත්සන් කරපු බවක්...

:       52       1

athuraThursday, 22 August 2019 04:37 AM

දැනගන්නේ කොහෙද මහත්මයා... ඕවා දැන් වගේ ඒ රජ කාලේ මාධ්‍යවල දැම්මේ නැහැනේ.

:       0       23

Deepal Nirosh Wednesday, 21 August 2019 07:04 AM

රටට කෙටි කාලීන යම් අපහසුතා ඇති වෙන්න ඉඩ තිබුණත් මේ තීරණය කාලෝචිත නිවැරදි තීරණයක්. මොකද පවතින වාතාවරණය අනුව ආර්ථිකට වඩා රාජ්‍ය ආරක්ෂාව වැදගත්. වත්මන් හමුදාපති පත් කිරීම තුළ එය වඩාත් තහවුරු වුණා.

:       58       5

ravi Wednesday, 21 August 2019 10:52 AM

ඇමෙරිකානුවන් ගොඩබැහැපු හැම රටකම .. " අද තියෙන්නේ යුද්ධ පමණයි "

:       43       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26940 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18170 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10874 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 623 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 183 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site