
(ඉන්දිකා රාමනායක)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත සිටින මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේ මහතා හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍යය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සයිෆ් බින් සයීඩ් නහියන් යන මහතා අතර හමුවක් අබුඩාබියේදී ඉකුත් දා පැවැත්විණි.
අබුඩාබි හි ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.
තලේබාන් සංවිධානය නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණීමෙන් පසු කලාපයට එල්ල වන තර්ජන පිළිබඳව මෙන්ම අන්තවාදී මතවාදයන්ට එරෙහිව කටයුතු කරන ආකාරයට ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැවැත්වීම පිළිබඳව සාකච්ඡා පැවැත් වු බවද එම අමත්‍යාංශය සදහන් කරයි.
අමාත්‍යවරයා දෙසැම්බර් 12 සිට 18 දක්වා එහි සංචාරයේ නිරත වන බවද එම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
මේ තවත් වැඩ බැරි ටාසන් කෙනෙක්