
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් දහසේ දෛනික දීමනාව ඇතුළු වතු කම්කරුවන්ගේ වෘත්තිය ප්‍රශ්නවලට විසඳුම් ලබා ගැනීම සඳහා වැඩ වර්ජනයකට සුදානම් වන්නැයි වතු වෘත්තීය සමිතිවලට පණිවුඩයක් යැවූ බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
ඒකාබද්ධ පුළුල් වැඩ වර්ජනයකට සූදානම් වන්නැයි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ වෘත්තීය සමිතිවලින්ද ඉල්ලීමක් කළ බව පැවසූ නානායක්කාර මහතා වැඩ වර්ජනයක් හැර වෙනත් කිසිදු විසඳුමක් අද ඉතිරිවී නැතැයිද සඳහන් කළේය.
එය රටේ නිෂ්පාදනයට හා අපනයනයට විශාල පාඩුවක් වුවත් කිරිමට අන් දෙයක් නැතැයිද හෙතෙම පැවැසුවේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
රුපියල් දහසේ දෛනික දීමනාව දැනට ගෙවන්නේ කුඩා වතු පමණක් බවත් ලොකු කොම්පැණි එම මුදල ගෙවීම පැහැර හැර ඇති බවත් ප්‍රකාශ කළේය.
එම මුදල ගෙවීමට නොහැකි බවට ලොකු කොම්පැණිකාරයන් කරන ප්‍රකාශ ප්‍රලාපයක් බවද ඔහු කීවේය.
වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් දහසක දෛනික වැටුපක් ලබාදීමට රජය තීරණය කළත් වතු හාම්පුතුන්ගේ සංගමය ඊට එකඟ නොවූ බව පැවසූ නානායක්කාර මහතා එම වතු සංගම් දැන් වෙන කතාවක් කියමින් සිටින බවද පැවසුවේය.
වතුකරයේ කෝලාහල ඇතිවීමට වතු පාලකයන් වගකිව යුතු බවද ඔහු පැවැසීය.
වතු සමාගම් අද හිතුවක්කාරීව වැඩ කරන බවත් රජය ඔවුනට ඒ සඳහා ඉඩ දිය යුතු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයේ කිසිම දවසක වෘත්තීය මට්ටමේ වැඩක් නොකර දේශපාලනයෙන් බඩ ගෝස්තරේ හොයාගන්න උදවිය
මේකනම් ලොකුම ගේමක් වියහැකිය. නැත්නම් ජනතාව මුලාකර රටම විකුණන්න සැලසුමක්ද කියා අවදානයෙන් සිටිමු
යුගදනව් බලාගාර ප්‍රශ්නය දැන් ඉවරයි ද?
මොකද වුනේ
හැමෝම අත වනන්නේ වැඩවර්ජන වලට තමයි
බලාගෙන ඉන්න අනෙක් පැත්තෙන් මොනවා විකුනයිද දන්නේ නෑ
මේ ඒක නෙවෙයි, සහෝදරයා... දැන් අර නිර්ධන පන්ති විමුක්තිය උදාවෙලාද...?
ඔන්න පැන්ඩෝරාව වහන්න ආණ්ඩුව සැලසුම් කරන අලුත්ම ජවනිකාව..
වතුකම්කරැවන් දවසට තේ කිලෝ කොපමන කඩනවද? තේ කිලො එකක් කඩන කම්කරුවෙකුට දවසට රුපි 1000 ගෙවන්න පුලුවන්ද? සාදාරණද? කම්කරුවො ආරක්ෂා කරනව වගේම වතුහිමියත් ආරක්ෂා කර යුතුයි.
1980 වර්ජනය ද ඔබට මතක ඇති.