IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ඇමැති රොෂාන්ගෙන් ශ්‍රීලනිපයට දෝස් මුරයක්

(නිමල් ජයරත්න)

ගොවි උද්ඝෝෂණ පිටුපස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. කරුණාකර අඟේ ඉඳන් කන කන්නේ නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්නැයි ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියයි.

කාබනික පොහොර යොදා එක කන්නයක් වී වගාකරන්න. යම් හෙයකින් ගොවියාට පාඩු වී අසාධාරණයක් සිදු වුවහොත් ගොවියා සමග මාත් එදාට මහපාරට බසිනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

වී ගොවියා සියයට පනහක් හෝ කාබනික පොහොර ඉල්ලනවා කියන්නේ රසායනික පොහොර එපා කියන එකයි, ඒකෙන්ම පේනවා ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වැඩපිළිවෙළත් ජයග්‍රහණය කරලා.

එනිසා අපි ඉල්ලීමක් කරනවා එක කන්නයක් හෝ කන්න දෙකක් කාබනික පොහොරවලින් වී වගා කර බලන්න්නැයි ද ඔහු ඉල්ලිමක් කළේය.

 



අදහස් (12)

ඇමැති රොෂාන්ගෙන් ශ්‍රීලනිපයට දෝස් මුරයක්

parakramaa Tuesday, 19 October 2021 06:52 PM

පොළොන්නරුවේ වැලි සහ සහල් මාෆියාව අතර ගැටුමක් මේ. මොවුන් දෙගොල්ලොම අපට එපා

:       0       33

Hafeel Tuesday, 19 October 2021 07:23 PM

ඔව් ඔව් ඕගොල්ලන්ගේ වැඩපිළිවෙළ උඩින් ජයග්‍රහණය කරලා. වචන දෙකක් නැහැ.

:       0       34

Nuwan Tuesday, 19 October 2021 07:49 PM

ජෝගින් ට්‍රැක් හොඳටම ඕන කෙනෙක් වගේ

:       0       37

මසිරිපාල Tuesday, 19 October 2021 07:54 PM

පොලොන්නරුවේ ජනතාව අලි කරදර වලින් හා විවිධ අපහසුතා නිසා අනන්තවත් දුක් විදිද්දී ඒවා ගැන නොතකා මංතීරු හදන ජන දුක නොහදුනන ඇමතිතුමාට කියනවා උඩට නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියල

:       0       35

කලූWednesday, 20 October 2021 09:19 AM

තියන අලි වැටත් ගලවල මංතීරුව හදන්න. මොලය කලඳක් නැති මනුස්සයෙක්.

:       0       6

Tharindu Tuesday, 19 October 2021 08:41 PM

ඕගොල්ලන්ට නැති මොලයක් ගොවියට තියන හින්ද තමා, ඒ මිනිස්සු රසායනික පෝර ඉල්ලන්නේ. ඕගොල්ලෝ නින්දෙන් ඇහැරිලා කාබනික කාබනික කියල මතුරනවා. හැබැයි ඒ මිනිස්සු කාලයක් තිස්සේ, කටු පෝර ගොම පෝර එක්ක හැප්පිලා වැඩ කරපු අය.

:       51       41

සමරේWednesday, 20 October 2021 05:33 AM

ඔබේ කතාව යම් තරමකට හරි කියලා පිළිගන්නවා. නමුත් ඔය රජරට ගොවි ජනතාවම නේද රසායනික පොහොර වියළි කලාපයේ පාවිච්චිය නිසා ජලය විසවී වැඩියෙන්ම වකුගඩු රෝගීන් වෙලා තියන බව කියන්නේ. පහුගිය කාලයේ එහේ සංවිධාන තමයි වකුගඩු රෝග සහ රසායනික පොහොර ගැන මාධ්‍ය හරහා දිගටම කතා කරේ. ඉතින් ඇයි ඒ ගැන දැන් කතා නොකරන්නේ.

:       1       73

sampath Wednesday, 20 October 2021 12:22 AM

කෘෂිකර්මය කියන්නේ විද්‍යාවක්. වගාවකට අවශ්‍ය කරන මහා මුලද්‍රව්‍ය සහ සුළු මුලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම ඒ ඒ පසට ගැලපෙන වගාවේ ස්වරූප අනුව ඒවා වෙනස් වෙනවා.

:       0       3

69lakshaya Wednesday, 20 October 2021 12:27 AM

අපි මෙතුමන්ලාට තමයි ආයෙත් ඡන්දෙ දෙන්නේ

:       1       4

de silva Wednesday, 20 October 2021 01:40 AM

ඔයගොල්ලනටනම් වැලි සහ සහල් ජාවාරම් වලින් උපයපු විශාල ධනයක් තිබෙනවා , නමුත් සාමාන්‍ය ගොවීන් ඔය එක එක අත්හදාබැලීම් කරලා වැඩේ වැරදුනොත් මුළු පවුලම බඩගින්නේ.

:       0       3

ranjith Wednesday, 20 October 2021 06:20 AM

පොහොට්ටුවේ දැන් ඉදිරියෙන් ඉන්නේ වැඩි හරියක් යුඑන්පී එකෙන් ආපු අය.

:       1       4

sam Wednesday, 20 October 2021 11:42 AM

මේ රොෂාන් කියන මී ගවයව පට්ටියකට දාලා දම්වැලක් දාන්න .මොලයක් නැති එවුන් පාර්ලිමේන්තු එවන්න එපා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site