විනීතා එම් ගමගේ
නව කැබිනට් මණ්ඩලයට පත්කරන සෑම අමාත්‍යවරයකුගෙන්ම, රාජ්‍ය ආයතන සමඟ සෘජුව හෝ වක‍්‍රව ව්‍යාපාරික සබඳතා නොමැති බවට හා ඇතිකර නොගන්නා බවට දිවුරුම් ප‍්‍රකාශයක් ලබාගන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම අමාත්‍යවරුන් පත්කිරීමේදී ඔවුන්ගේ දැනුම හා කුසලතා අනුව විද්‍යාත්මකව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට කටයුතු යොදන්නැයි ද අමාත්‍යවරුන් පත් කිරීමේ දී සළකා බැලූ කුසලතා මොනවා දැයි රටට හෙළි කරන ලෙසත් ඉල්ලා සිටින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (18) පැවසීය.
දේශපාලඥයින්ගේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳව රටේ පොදු අප‍්‍රසාදයක් නැගී ඇති සමයක් බැවින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි ද හෙට්ටිආරච්චි මහතා කීය.
විශේෂයෙන් කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම, ඉකුත් සමයේ බරපතල චෝදනාවලට ලක්වූවන් ඇමැති තනතුරුවලට පත් නොකිරීමට වගබලා ගැනීම මෙන්ම රජය හෝ රාජ්‍ය ආයතන සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන පිරිස් පත් නොකිරීමට ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වග බලා ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් කඩෙන් තමයි ගන්න වෙන්නේ ..
පැපරල් එකෙන් අදහස් කරන සුදුසුකම් ඇමති කෙනෙක් වෙන්න උවමනා නැති බවයි අපේ අදහස. ඒ ගොල්ල ප්‍රාදේශීය සභාවේදීත්, පළාත් සභාවේදීත්, මන්ත්‍රී කාලෙදිත් හිතේ හැටියට මදි නොකියන්න "සුදුසුකම්" ලබල ඉන්න කට්ටිය හින්ද ඔය දෙසිය විසිපහම ඒ වැඩේට සුදුසුයි කියල මං හිතන්නේ. අහල බලන්නකො ඕන නම් කට්ටියගෙන්.
අද දවසේ බුදුන් ජීවමානව සිටියේ නම් පටාචාරාවට කියනු ඇත්තේ හොරකම් නොකරපු ඇමති වරයෙකුගේ ගෙදරකින් අබ ටික සොයා ගෙන එන්න කියායි.
අනේ එහෙම උනොත් ලොකු අපරාදයක්, මොකද ඔතන ඉන්න අයගෙන් වැඩි දෙනෙක් වැස්සකටවත් පාසල් ගියේ නැති අයනේ.