(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තමන්ට පන්සල් තහනම් ඇත්තේ කුමන වරදකටද යන්න තමා නොදන්නා බවත් තමා ගම්පහ දිස්ත්‍රික්කය සහ ලංකාව පුරා පන්සල් ඇතුළු ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට තමන් විශාල මුදලක් වෙන් කර ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පැවසීය.
විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හා මාතර දිස්ත්‍රික්කයේ පන්සල් ඒ මහතා පන්සල් තුළට වැද්ද නොගැනීමට විහාරාධිපතිවරුන් පිරිසක් තීරණය කිරීම පිළිබඳව මෙම උත්සවයේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කීය.
අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ද මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය තීරණය කර තිබු නමුත් මාතර උයන්වත්ත පාපන්දු ක්‍රීඩාංගනයේ පැවති සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී එවැන්නක් සිදු නොවීය.
ඒ සදහා විහාරාධිපති හිමිවරු ඇතුළුව භික්ෂූන් වහන්සේලා 40 නමක් පමණ වැඩම කර සිටියහ.
අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනදාට වඩා එම හිමිවරුන්ට සමීප වී කටයුතු කළ අයුරු දැක ගන්නට ද ලැබිණි.



COMMENTS
හොඳ අයට ප්‍රශ්න, දුක්, කම්කටොලු, වෙඩි... බොරුවට බටර් ගහගෙන ඉන්න අයට කිසිම ප්‍රශ්නයක් නැහැ...
අපිව අන්දන්න අමාරුයි දැන් නම්...
මේ මොන්ටිසෝරි බබාලා කිසිම දෙයක් දන්නේ නෑ.
ඔය පැලැස්තරේ අලවාගන්න තිබුණේ කට වැහෙන්නයි. කොච්චර කාලයක් දේශපාලනේ කළත් ලංකාවේ මාධ්‍ය හැසිරීම වෙනස්වෙලා ඇති ආකාරය ගැන ඉගෙනගෙන නැතුවා වාගෙයි පෙනෙන්නේ...
මුලු ආණ්ඩුවටම පන්සල් තහනම් කරමු.
අද අපේ රටේ "වෙහෙර.. විහාරස්ථානවලට" නොයන තරමටම.. අපේ " බෞද්ධකම ආරක්ෂා වෙනවා"...
අපි හිතුවේ හාමුදුරුවෝ අැත්ත කියනවා කියලා.. එකම කාසිය... අපිම රැවටෙනවා... පව් අපි..!!!
මේ දෙගොල්ලන්ටම එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතුව බෑ. හැමදාමත් රැවටුනේ මේ අයගේ ලණු කාපු ඡන්ද දායකයන්...
මට කුමන හේතුවක් නිසා හෝ අනාගතයේ බෞද්ධ භික්ෂුවකට වඳින්න සිදුවේවි. හිතට එකඟව මට එය කළ නොහැක. එමනිසා ප්‍රතිපත්ති ගරුක පූජකයින් සිටින ක්‍රිස්තියානි ආගම වැළඳ ගන්න සුදානම් වෙමි. මා හා එකතුවීමට කැමති අය සිටිනවා නම් දන්වන්න. එවිට අපිට ප්‍රසිද්ධියේම එය කළ හැකියි.
අපේ සමාජය කොච්චර නොදියුණුද? මේ කතාවෙන්ම පේනවා.. මේ වෙන්කරන්නේ සහ බෙදලා දෙන්නේ සහ ඒ වගේම හොරකම් කරන්නේ අපේම සල්ලි මිසක් මුන්දලා ගෙනාපුවා නෙමෙයි.. අනික් දේ සල්ලි සහ තුටු පඬුරු වෙනුවෙන් නැවෙන අපේ සංඝ සමාජය.. තමන් කියපු දේ වෙනුවෙන් මාසයක් පෙනී ඉන්න බැරි හැටි...
ගුටිකන මුහුණ තිබෙනත් අපේ සමනලගේ..// හිත ඇති රවටන්න මිනිසුන්වත් සැමදාම..// ඔව් ඔව් අපි මේ ඉන්නේ ගමටම එනදිනනේ..// දෙන්නම් ඇට්ටි හැලෙන්නටම හොඳේ..//
දේශපාලකයෝ, පූජකයෝ එයාලා හැමෝම දිනුම්... මොකද ප්‍රතිපත්තියක් නැතිකම හින්දා. එයාලා ගහන බයිලාවලට විසිල් ගහන, හුරේ දාන අපි හැමදාමත් පරාදයි.
බමුණුඅාරච්චි මොන මෝඩයෙක්ද? භවයකදී ලබන්න පුළුවන් ඉතාම තර්කානුකූල දර්ශනයක් තියෙන ලෝකයේ ඇති නිදහස්ම ආගම උප්පත්තියෙන්ම දායක කරගන්න වාසනාව ලැබිලා මේ කොහෙවත් යන අය කියන දේකට තමාගේ ආගම වෙනස් කරන්න දඟලන තව කවුරුහරි දේශපාලනයෙකුට කඩේ යන්න...
මේ ආයතන තහනම් කල නම් කොහොමද එහෙට ගියේ මේ ඇම්බැට්ටය?
බුද්ධාගම ආරක්ෂා කරන අය ඒ ධර්මය පිලිපදින්නේ නැති එක තමයි අවාසනාව.
බමුණු මහතා ඔබ අන්‍යාගමික කරණය සඳහා වක්‍රව උදව් කරන කෙනෙකු බවට පේන්නේ
බමුණුආරච්චි කියන්නේ පොහොට්ටුවට වාසි වෙන ඕනෑම දෙයක් මෙයා කියනවා
බමුණුආරච්චි මොන මෝඩයෙක්ද? භවයකදී ලබන්න පුළුවන් ඉතාම තර්කානුකූල දර්ශනයක් තියෙන ලෝකයේ ඇති නිදහස්ම ආගම උප්පත්තියෙන්ම දායක කරගන්න වාසනාව ලැබිලා මේ කොහෙවත් යන අය කියන දේකට තමාගේ ආගම වෙනස් කරන්න දඟලන්නෙ, තව කවුරුහරි දේශපාලනයෙකුට කඩේ යන්නද, එහෙම නැතිනම් කාව හෑල්ලු කරන්නද, එහෙමත් නැතිනම් තමන්ගෙ බුද්ධි මට්ටමේ තරම නිසා ද.
මම අසා ඇත්තේ මංගල, හාමුදුරුවරුන්ගේ අඩි පාරේ යන කෙනෙක් කියා.
වර්ජනය කළා කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කඩ කරන අය වෙන්න ඇතැයි සිතේ..
හාමුදුරුවරුන්ගේ අත් අල්ලන් කතා කරන්නේ මොන බෞද්ධයාද...?
මා වර්තමානයේ පවතින කිසිම ආගමික රාමුවකට අයිති නැහැ. ඒත් බුදුන් වහන්සේ සහ ජේසු තුමා මා මගේ ගුරුවරුන් ලෙස සලකනවා. මේ රට විනාශවීමෙන් වලකාගන්නට හැකි ප්‍රබලම බලවේගය වන්නේ සංඝයා වහන්සේලායි. එහෙත් අවාසනාවට උන්වහන්සේලා අතර එක මතයක් නැහැ. මා ඉතා ගෞරවයෙන් සංඝයා වහන්සේලාට ආරාධනා කරනවා රට ජාතියේ නාමයෙන් එක අරමුණකට ඒම සඳහා කටයුතු කරන ලෙස.
ඔතන ඉන්න කට්ටිය සිවුර ගලවලා සරමක් ඇඳගෙන මංගල එක්ක ඕනෙ සෙල්ලමක් දාගන්න. නමුත් අපි ශාසනේ රකින වහන්සේලා කියලා කියන්න එපා... අනේ අපේ නායක උන්වහන්සේලා නිදාගෙන...
වැරදිලාවත් නොකළ යුතු ප්‍රකාශයක් මංගල ප්‍රකාශ කරපු හැටි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මට පැහැදිලිවම ඇසුණි. මගේ කණේ දෝෂයක්දැයි මට දැන් හිතේ. මාධ්‍ය ඔස්සේ මොහුකළ ප්‍රකාශය නැවත වරක් අහන්නට ඇත්නම් හොඳයි කියා මට හිතේ. මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ නොකියා ඓතිහාසික සිංහල බෞද්ධ රටක් වූ මේ රට ඉංග්‍රීසි පාලකයින් ඇටවූ උගුල නිසා අද සිංහල බෞද්ධ රටක් යයි කියන්න බැරි තත්වයකට දේශපාලනඥයින්ගේ බල ලෝභය නිසා දෙමළ හා මුස්ලිම් ජාතීන් වර්ධනය වී ඇත කියා කීවා නම් අවනම්බුවක් නැහැ වගෙයි. මංගල ඔබ කළ වරද හරියට අවමගුල් ගෙදරක කථා පවත්වන්න ගිහින් මංගල සභාවෙන් අවසරයි කිව්වා වගෙයි. ඔබ කළ වරද දන්නේ නැහැ කීම ජනාධිපති මෛත්‍රීපාල කරන කියන දේ වැනිය. තනතුරේ බලතල නිසා බලෙන් වැජඹෙන්න හදන ඔබලා වැනි අයව බහුතරය ප්‍රතික්ෂේප කරන අතර මරණින් මතුත් දුක් විපාක ලබන ගැලවිය නොහැකි ආත්ම ලබන හැටි මට නම් පැහැදිලියි. අංගුලිමාල මිනීමරා රහත් වූ අයුරු ඔබට නොවැටහුණාට මම හොඳාකාරවම දනිමි. මින් මිදිය හැක්කේ අනුන් නොරවටා දැන්වත් ඔබකළ වරදට රටේ මුළු ජනතාවගෙන්ම සමාව ගත්තොත් පමණි. තවමත් ඔබට කාලය ඇත. අද බහුතරය එදා මෙන් රවටන්න බැරි බව දැනගත යුතුය.
බත්කන බූරුවන් ලංකාවේ ඉන්නකන් සමනල්ලු දිනුම්... වේදනාව කහ සිව්රු පොරවාගත් හාමුදුරුවරු මේ රට බෞද්ධ රටක් නෙවේ කියන අය ළඟ ඉන්න එක... මැදපෙරදිග ඉන්නේ මුස්ලිම් අපි ඒවාට කියන්නේ මුස්ලිම් රටවල් ඉන්දියාවට කියන්නේ හින්දුස්ථාන්... ලංකාව... මංගලගෙන් අහන්න. අනේ හාමුදුරුවනේ අපිට පව් පුරවන්න එපා. ඔබවහන්සේලා මේ අයට නූල් බඳින්ඩ ඉස්සර මේ අය අපේ ඉතිහාසය දන්නවද කියල බලන්න... ජාතිය වනසන්ඩ ආපු සේතන්ලා