
( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් කටයුතු පිලිබද අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහත්වරුන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.
නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති අතර දෙරටේ අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවලට අදාළ කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
තවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍රයන් හී පවතින ද්විපාර්ශික සහයෝගිතාවය ශක්තිමත් කර ගැනීම පිලිබද ඉදිරි දැක්මක් යුතුව සාකච්ඡා පැවැත්වූ බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්දියාවේ වලිගයේද එල්ලෙන්න හදන්නේ? මේ වගේ ලැජ්ජා නැති කෙනෙකුට රටේ වැදගත් ඇමැති කමක් දුන්නනේ ඇත්තටම...
හරි බයවෙන්න කාරණාවක් නැහැ. 10%ක් ශුවර්... එහෙන්ද, මෙහෙන්දැයි අදාල නැත.
මොන භාෂාවෙන් කතා කලාද කියලා තමයි පුදුමේ...
මොළහතා නිසා බයවෙන්න දෙයක් නැහැ. ගේම් ගහලා පුරුදු නිසා, ඒ රටේ අයවත් අන්දයි වගේ...