(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිම සඳහා මේ වනවිට ආයතනය තුළ පවතින තත්ත්වය, මුහුණ දී තිබෙන ගැටලු හා ඊට අදාළ දිගුකාලින හා කෙටිකාලින විසදුම් යෝජනා ඇතුළත් කඩිනම් යෝජනාවලියක් සකසන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරින් සමඟ පැවති සාකච්ඡාවක දි ඇමැතිවරයා මෙලෙස උපදෙස් දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කටයුතු කිරීමේදී දේශීයත්වයට ප්‍රමුඛතාවය ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන ලෙසද මගීන්ට සංග්‍රහ කිරීම සඳහා දේශීය නිෂ්පාදන ලබා ගන්නා ලෙස ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සමාගම්වල ටෙන්ඩර් වලට සාමාන්‍ය පුද්ගලයකු අයදුම් කරන්න බැරි තරම් නීති රීති වලින් වැහිලා. ඒ තත්ත්වය නැති කර දේශීය ව්‍යාපාරිකයන්ට ටෙන්ඩර් ලබා ගැනීමේ පහසුකම් ඇති කරන ලෙසද ඇමැතිවරයා දැනුම් දුන්නේය.
මෙහි දි අදහස් දැක්වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි. කලාපයේ දියුණුම ගුවන් සේවාව බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය පත් කිරීම සිය අපේක්ෂාව බව ද සභාපතිවරයා කීවේය. අමාත්‍යාංශ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මගීන්ට සංග්‍රහ කිරීම සඳහා දේශීය නිෂ්පාදන ලබා ගන්නා ලෙස ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය" එල එල කෙසෙල් කොලේ රතු හාලේ බත්, බොම්බිලි කරවල එක්ක දීලා පොල් කට්ටෙන් බෙලිමල් වතුර දෙන්නකෝ...
කොළඹ ඩුප්ලිකේෂන් පාරේ කුඩා තැනකින් ආරම්භ කරපු සොෆ්ට්ලොජික් ව්‍යාපාරය දශක දෙකකදී ඇති දැවැන්ත සමාගම් ජාලයක් බවට පත් කරපු අශෝක් පතිරගේ මහතා මේ දේ කල හැකි අති දක්ෂයෙක්. ඔහුට ඒ හැකියාව තියෙනවා.
ලාබ ලබන්නනම් සේවකයන්ට දැන් ඇති සුකොපභෝගී පහසුකම් කපන්න ඕනේ. විශේෂයෙන් නොමිලේ දෙන ගුවන් ටිකෙට් පත්.
අවුරුදු ගණනාවක් මහා වනාන්තරයක අතරමං වෙලා යන එන මඟක් දන්නේ නැතුව ඉන්න කෙනෙක් මාසයක් ඒ වනාන්තරයේම අතරමං වෙලා ඉන්න කෙනෙකුට පාර කියා දෙන්න හදනවා වගේ වැඩක් නේද මේක ? ඇමති තුමාගෙයි කාර්ය මන්දලයෙයි අධ්‍යාපන සුදුසුකම් එහෙම කොහොමද දන්නේ නෑනේද අබිලිං ?
ආචාර්ය ජගත් වැල්ලවත්ත ?
පතිරගේ මහතාට ජාතික ගුවන් සේවය ගොඩ ගත හැකිය. කැපවීමෙන් සේවකයන් වැඩ කල යුතුය.
හා හා !! ලාභ ලබන්න.. උපදේශකගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? උපදෙස් පිළිපදින්නන්ගේ අධ්‍යාපන සුදුසුකම්.. කකුළුවා ඇදේට ගිහිල්ලා පැටියාට කෙලින් යන්න කියන්න පුලුවන්ද? පැරණි කියමනක් තියෙනවා අවවාදයට වඩා ආදර්ශය වටිනවා කියලා. දුෂ්කරතා ජයගත් හැමෝම ආදර්ශමත්...
උපදෙස් දෙන්නත් දන්නවා එහෙනම්... එංගලන්ත පාර්ලිමේන්තුවේ හිටියලු එක මන්ත්‍රී කෙනෙක්. මුළු නිල කාලය තුළම එක වතාවයි කතාකරලා තියෙන්නේ. ඒ කතාව මොකක්ද දන්නවද? "ඔය ජනේලේ වහන්න".
පතිරගේ මහත්තයා මේක හරියට කරයි කියලා විශ්වාසයි. බැරිමනං අරගෙන හරි කරන්න. ඔබසැමට ජය !!!
උපදෙස් දෙන්න මේ මිනිස්සුන්ට තියෙන සුදුසුකම් මොනවද?
මේ වගේ උපදෙස් දෙන්න නම් උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෙක් එකේ ප්‍රධානියා හැටියට පත් කලේ මොකටද?