
( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පවත්වා ඇත .
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය.
එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භගවත් ගීතාවේ ඉංග්‍රීසි , සිංහල හා දෙමළ පරිවර්තනයේ පළමු පිටපතද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිල වශයෙන් පිළිගැන්වනු ලැබීය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රමාත්‍යවරයා හමුවේ පවසා ඇත.
මේ හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම , අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සිය නිල ට්විටර් ගිණුමට සටහනක් ද එක් කර තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සදහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා හමුවීම සතුටට කරුණක් බවත් , විවිධ අංශ ඔස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබදතා ශක්තිමත් වෙමින් පවතින බවත්ය.
ඉන් දෙරටේම ජනතාවට යහපතක් වනු ඇතැයිද නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබිණි.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ ඉන්දියාවෙන් , ශ්‍රී ලංකාවට ලැබුනු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය බුදු දහම බවත් , දෙරටම සැමවිටම සමීප සබදතාවයක් පවත්වා ගෙන බවය.
දෙරටේම ජාතීන් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේත් දැක්ම වන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.


COMMENTS
මෙයාට රජකම ලැබෙන කාලය වෙනකොට රටේ ප්‍රශ්න මොන ආකාරයකට වැඩි දියුණු වෙලා තියෙයිද කියන්න බැහැ. ඒ ගොල්ලන්ට නම් ඒවා ප්‍රශ්න නොවේ. මොකද දැනටමත් පරම්පරා ගණනකට හරි හම්බ කරගෙන අවසන්නේ. ඡන්දෙ දෙන මිනිස්සුන්ට තමයි ඉතින් අඬන්න වෙන්නේ....
රෙදි ඇඳගෙනද යන්නේ... මෙහෙ රට මුලු ලෝකෙටම ණය කරලා විකුණලා ඉවරවෙලා...!!!
ලංකාවට හැමතිස්සෙම ගෞරවයක් ගේන්න දක්ෂ නාමල් ඇමැති
මේකද පළවෙනි වතාවට භගවත් ගීතය ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් පරිවර්තනය වෙන්නේ? අපි මෙච්චරකල් හිතන් හිටියේ මහාභාරතය හා භගවත් ගීතය රචනා කරේ වේද ව්‍යාස මුණිවරයා කියලා. දැන් බැලුවොත් මේක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත සකස් වූවක්ලු...
නාමල් ඉදිරියට ගැනීමේ පුහුණු වැඩසටහනකි.
මම හිතුවේ ධම්මපදයට වැරදිලා භගවද් ගීතාව කියලා කියලා. ඔය භගවද් ගීතාව අපටත් ගන්න සලස්සන්න..
මෙයා රජ වුණොත් නම් රටට අබ සරණයි අපේ හාමුදුරුවනේ...!
මැට්ටන්ට මේක මැජික් එකක් වගේ තමයි.
අපේ සර්ට මැඩම්ලට තමයි අපි ලබන පාරත් චන්දේ දෙන්නේ
ගැහුවා නේද මයෙ පුතේ ආයෙත් පිං ටුවර් එකක්.
හොරට නීති උපාධිය ගත්ත මොල නේද මේ, මේ වගේ පුස්සෙක් එක්ක කථාකරන්න අගමැති මෝදිට ලැජ්ජ නැද්ද.
හොර කොල්ලා ,මූව කනෙන් ඇදලා එලියට දාන්න ඕනා
වියත් මග ඔස්සේ මෙවර තේමාව කර ගත් ආණ්ඩුව මෙච්චර උගත් බුද්ධිමතුන් ඉද්දි මේ වගේ අධි බුද්ධිමත් වැදගතෙක් ශ්‍රීලංකාව නියෝජනය කරන එකයි පුදුමේ
හොඳ වැඩක් සහෝ ,දිගටම කරගෙන යන්න
69 ලක්ශයේ තේරීම.......!