(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනකු හෙට උදේ 8.30 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ඇමැතිවරුන් ලෙස පත් කළ යුතු මන්ත්‍රීවරුන් 36කගේ ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබ තිබුණු අතර ඉන් නම් කිහිපයක් ජනාධිපතිවරයා කපා දමා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ ලක්ෂ්මන් සෙනවිරත්න, විජිත් විජිතමුණි ද සොයිසා, පියසේන ගමගේ සහ එච් එම් ෆවුසි යන නම් ද, සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද ඇමැති ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
නව අමාත්‍ය මණ්ඩලය යටතේ මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ද, රවී කරුණානායක මහතාට විදුලිබල හා බල ශක්ති අමාත්‍ය ධුරය ද, සාගල රත්නායකට මහතාට වරාය හා නාවුක අමාත්‍ය ධුරය ද, චම්පිකර රණවක මහතාට මහා නගර හා බස්නාහිර අමාත්‍ය ධුරයද, රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද හිමිවනු ඇතැයි වාර්තාවේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමැතිවරු 28ක් හෙට දිවුරති - නම් හයක් කැපේ
dosthara Wednesday, 19 December 2018 05:12 PM
මොනවා, ආයෙත් සෞඛ්‍ය ඇමති වෙලා ඉන්නේ රාජිත සේනාරත්නද?
sandy123Wednesday, 19 December 2018 06:56 PM
පාදෙනියගේ උද්ගෝෂණ වලට ලැහැස්ති වෙන්න. රෝගීන් පරිස්සමින්.
upasenaThursday, 20 December 2018 11:09 AM
අැයි ඒ මනුස්සයා ඖෂධ මිල අඩු කරලා දොස්තරලා රාජකාරි වෙලාවෙත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක නවත්තවපු එක හොඳ නැද්ද?
ගල්කටස් Wednesday, 19 December 2018 05:19 PM
ව්‍යවස්ථාව අනුව 30 නම් 30 යි එය 36 ක් විය නොහැකියි.
sandy123Wednesday, 19 December 2018 06:55 PM
මේවා සියුම් දේශපාලන උපක්‍රම. ශ්‍රීලනිපයෙ නම් කැපෙන විත්තිය දැන දැන දාල තියෙනවා. දන්නවා ජනාධිපති කපන බව. එතකොට එක්සත් ජාතික පක්ෂයට කියන්න පුළුවන් ජනාධිපති තමයි නම් ටික කැපුවේ අපි නම් නම් ටික දාල තමයි යැව්වේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න එන්නෙත් නැහැ තම මන්ත්‍රී වරුන්ගේ නම් කැපුවා කියලා. හයක් කපන බව දැන ගෙන තමයි නම් තිස් හයක් දාල තියෙන්නේ. කඩේ ගියාට ඔබේ දේශපාලන ඥානය මේකෙන්ම පැහැදිලි වෙනවා.
වල්මෝර්Wednesday, 19 December 2018 08:11 PM
ක්‍රිකට් ටීම් එකේ ටුවෙල්ත් මෑන් ඉන්නව වගේ මේකෙදිත් ස්ටෑන්ඩ් බයි දෙන්නෙක්වත් දැම්මොත් හොඳයි.
හසිතThursday, 20 December 2018 01:20 AM
නෑ නෑ.. 6ක් කපන්න කියලා ලිස්ට් එක එවලා තියෙන්නෙ..
Sanath KandyThursday, 20 December 2018 04:02 AM
ජනාධිපති හා අගමැතිත් එක්ක 30යි. 19 සංශෝධනයට අනුව ඊට වඩා බෑ. ජවිපෙ රටට දිනාදුන් තවත් ජයග්‍රණයක් එක.
විජිත් Wednesday, 19 December 2018 07:01 PM
රාජිත ..ආයෙත්...? ආ මේ ශ්‍රී ලංකාවනේ, ඒ නිසා මම පුදුම වෙන්නේ නැහැ.
sirimal Wednesday, 19 December 2018 07:27 PM
එතකොට රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ සදා කාලික වැඩ වර්ජනය ආරම්භ කෙරෙන්නේ කීයටද?
මුණසිංහ Thursday, 20 December 2018 01:13 AM
පරණ පුරුදු විදියටම රට විකුණන එක නවත්වපු තැනින් පටන් ගනීවි. ගාල්ල කොටුවේ දැනටමත් ගෙවල් 100 වැඩිය විදේශිකයින් සින්නක්කරටම අරගෙන ඉවරයි. මේවා වහාම නැවැත්විය යුතුයි.
වලහප්පෙරුම Thursday, 20 December 2018 02:32 AM
නීතිය හා සාමය කාටද ?
latha Thursday, 20 December 2018 02:34 AM
ව්‍යවස්ථාව අනුව 30 තමයි, එත් හයක් කැපෙන නිසා 36 යවල තියෙනවා.
රවින් Thursday, 20 December 2018 02:44 AM
දිවුරුම් දෙන්න ඉස්සරවෙලා දිවුරුම් දෙන දින දක්වා වත්කම් බැරකම් සහිත දිවුරුම් පෙත්සමක් ගත්තොත් හොඳ නැද්ද? පසුව එම පෙත්සම විගණකාධිපති ලවා තහවුරු කරගත්තොත් වඩාත් සුදුසුයි.
athura Thursday, 20 December 2018 04:26 AM
ඇයි මෙතන පාලිත රංගේ බණ්ඩාරගේ නම ජනාධිපති විසින් කපල තියෙන්නෙ.
පිටිගල මිලානෝ Thursday, 20 December 2018 09:18 AM
රංගේ බණ්ඩාර මෙයාව අතටම අල්ලලා දුන්න නිසා වෙන්න ඇති නම කැපුවේ...