තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුව අද පස්වරු 10.30 ආරම්භ වීමට නියමිතය.
අද දිනට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ න්‍යායපත්‍රයක් ද මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ජනරජයේ මුදල්වලින් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩල වෙනුවෙනුත් කිසිදු මුදලක් ගෙවීමට අමාත්‍යංශ ලේකම්වරුට නොහැකි බව දැක්වෙන යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව භාර දී ඇත්තේ රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේසන් සහ ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් විසිනි.
විශ්වාස භංග යෝජනාවක් සම්මත වී ඇති හෙයින් අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති බව කතානායකවරයා ප්‍රකාශයට පත් කර තිබෙන නිසා සහ මූල්‍ය බලතල පාර්ලිමේන්තුව සතු හෙයින් මෙම යෝජනාව සම්මත කර ගන්නා බව ද සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චික් ඔය ටික ඔයගොල්ලන් අවුරුද්දකට දෙකකට කලින් කරානම් අර කෝටි ගණන් වියදම් කරලා වාහන ගත්තු ඇමතිලාව ගෙදර අරින්න තිබුණා.
මේ රටට කරපු විනාශය.... මීට පස්සේ සුදුසු අය තනතුරු සඳහා පත්කළ යුතුයි.....
මන්ත්‍රීවරුන්ගේත් වියදම් කපා දාන්න ඕනෙ. මේ රටට වැඩක් තියෙන අය නෙමෙයි.
ඔව් ඉතින් පරම්පරා ගාණකට හම්බකරන් නේ දැන් ඉන්නේ......
මේ තරම් ලෙහෙසියෙන් කරන්න පුළුවන්කම තියාගෙන කට්ටිය පොල් ගෑවද? දොට්ට දැම්මම තමයි මහජනයා අතරට යන්නේ. නැත්නම් ඉන්නේ අඩි හත, අටක් උඩින්. ඉස්සෙල්ලම ඔය ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වන එක නතර කරලා පෙන්වන්න. කිසිකෙනෙකුට මහජන මුදලින් වාහන අනවශ්‍යයි. සේවා කාලය තුළ ආයතනයේ වාහනය භාවිතා කරන්න... පුද්ගලික ගමන් යාමට රජයේ වාහන භාවිතය තහනම් කරලා නීති ගෙනඑන්න. ඔය හරක් රැළ පාර්ලිමේන්තු යැව්වේ ඔවුන් වරප්‍රසාද භුක්ති විඳින හැටි බලලා සතුටුවෙන්න නෙමෙයි.