(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය අනිද්දා (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැණවින.
දැනට තීරණය කර ඇති පරිදි නිරෝධායන ඇදිරිනීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන 30 වැනිදායිනි.
කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (27) සිකුරාදා පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිතව ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
කොවිඩ් පැතිරීම පාලනය කිරිම සඳහා රට සති දෙකක කාලයක් වසා තබන්නැයි වෛද්‍ය විශේෂඥයෝ පිරිසක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළහ.
මෙයට අමතරව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 දහයක නායකයෝද රට සතියක කාලයකට වසා තබන්නැයි ඉල්ලා සිටියහ.
COMMENTS
මොනවා කළත් වසංගතයෙන් බේරෙන බවක් පේන්න නැහැ. ගගේ වැටුණු මිනිහාත් තණකොළ ගහේත් එල්ලෙනවා කියනවා නේද මහත්තයෝ? හිටපු අගවිනිසුරුතුමා සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ වුණා. දේශිය වෛද්‍යතුමෙක් නිපද වූ බෙහෙතින් මෙම රෝගය සුව වුණා කියලා.. නමුත් එම ඖෂධය ලියා පදිංචියට ඉදිරිපත් කළාම ලිපි ගොනුව අස්ථාන ගතවීමක් සිදුවුණු බවත් ප්‍රකාශ වුණා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙසට ඔබතුමාට එවැනි දේ ප්‍රවර්ධනයට සහයක් දී මේ වසංගතයෙන් ගොඩයන්න අදහසක් ඇත්තේම නැද්ද?
ජනාධිපතිතුමනි, රට වහලා මේක කරන්න බැහැ... කියලා දැන දැන තවත් රටවහලා තියලා බහුතරයක් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැතිකරන්න නම් එපා...
අනේ පුළුවන් නම් සති 02ක් ලොක්ඩවුන් කරන්න. ස්තුතියි...!!!
සර්ගේ තීරණය තමා විද්‍යාත්මක තීරණය.
2021-08-25 "තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7948 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි." දෛනිකව පවුල් 198කට පවුලේ සාමාඡිකයෙක් බැගින් අහිමි වේ. කොරෝනා පාලනය සාර්ථකද? අවිද්‍යාත්මක ආකාරයට කොරෝනා පාලනය අයාලේ යෑමෙන් දෛනිකව අහිමි වන ඡීවිත වලට වගකිවයුත්තේ මුනිවත රකින ඔබතුමා සහ කොරෝනා මර්ධන කමිටුව නොවේද? මහත්තයෝ තවත් මිනිස්සු කීයක් මැරෙන්න ඔිනද? මේ ප්‍රශ්නය විද්‍යාත්මක විසඳන්න තවත් ප්‍රමාද නොවී තීරණ ගන්න.
ආණ්ඩුවට නිසි වැඩපිළිවෙලක් නැහැ. ජනතාව අසරණයි.