IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇඳිරි නීතියෙන් පසු මහජනතාව දෛනික අවශ්‍යතා සපුරාලන්න යති

(මනෝප්‍රිය ගුණසේකර)

කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා පසුගිය 20 වැනිදා සිට කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5කට බලපැවැත්වෙන අන්දමට පනවා තිබු ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ මහජනතාව වෙළඳ සැල්, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් අසළ රැස්වී සිටින ආකාරය දක්නට ලැබිණි.

තම අත්‍යවශ්‍ය කටයුතු කරගැනීමේදී සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි රජය මහජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව මීටරයක දුරක් තබාගෙන ඔවුන් පෝලිම්වල සිටින අයුරැ දැක්නට ලැබිණි.

කොරෝනා වසංගතය පැතිරයෑම වැළැක්වීම සඳහා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා රජයෙන් නිකුත් කර ඇති පියවරයන් නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබඳ සෙවීමට හා මහජනතාව හැසිරවීමට පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් නිරතුරුව කටයුතු කරති.

තාවකාලිකව ඉවත් කරන ලද කොළඹ, ගම්පහ, පුත්තලම හා උතුරේ දිස්ත්‍රික්ක 5ක ඇඳිරිනීතීය අද (24) සවස 2.00 ට යළි පනවන ලද අතර එම ප්‍රදේශ සඳහා යළි ඇඳිරිනීතීය තාවකාලිකව ඉවත් කරනු ලබන්නේ ලබන 27 වැනිදා උදෑසන 6.00 ට බව රජය නිවේදනය කර ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට පනවා ඇති ඇඳිරිනීතීය ලබන 26 වැනිදා උදෑසන 6.00 ට ඉවත් කර දහවල් 12.00 ට යළි පනවන බව රජය දැනුම් දී ඇත.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

රාජගිරිය / බත්තරමුල්ල / කොලොන්නාව 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (0)

ඇඳිරි නීතියෙන් පසු මහජනතාව දෛනික අවශ්‍යතා සපුරාලන්න යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 155 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site