(විනිතා එම් ගමගේ)
ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වැලිකන්ද දිවුලානවිල විල්ලූව යම් පිරිසක් විසින් ඇඳිරි නීතියට මුවා වී විනාශ කරමින් සිටින බවට පරිසරවේදීහු චෝදනා කරති.
අක්කර 2800 ක් පමණ ප්‍රමාණයකින් යුත් මෙම විල්ලූව පොලොන්නරුව වනජීවී කලාපයට අයත් බවත් දේශපාලන බලවතකුගේ මැදිහත් වීම ඇතිව මෙම විනාශය සිදුවෙමින් පවතින බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරි ජනක විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
වන අලින් ගේ පාරාදීසයක් වන මෙම වනාන්තරය කලක් තිස්සේ කුඩා පරිමාණයෙන් කුඹුරු වගාව ස`දහා අත්පත් කරගනිමින් තිබු අතර මේ දිනවල එය විශාල පරිමාණයෙන් සිදුවෙමින් පවතින්නේ යැයි ද විතානගේ මහතා කීය.
ඉකුත් වසරේ අලි පස්දෙනෙක් මඬේ එරී මිය ගියේ මෙම විල්ලූවේ පුදුර ප්‍රදේශයේ දී යැයි පැවසූ ඔහු ඊට මුල් වූයේ ද සතුන් බිය වැද්දීම නිසා අලි මංකඩ මගහැර නුහුරු ප්‍රදේශයකින් එම අලි පස්දෙනා මඩට බැසීම නිසා යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
කොරෝනා වයිරසය පැතිර යන අවස්ථාවේ පවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නැයි තම සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි හේතුන් නිසා යැයි ද විතානගේ මහතා කීය.
මෙම ඉඩම් අල්ලන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාවේ යොදවන්නේ දැයි විමසිල්ලෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව තම නිලධාරින් දැනුවත් වී ඇති බවය.
විල්ලූවේ වතුර මහවැලි ගඟට බස්සා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා වගා කිරීමට තැත් කළ පුද්ගලයින් ගණනාවක් අල්ලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඇ`දිරි නීතියට මුවාවී තවත් පුද්ගලයින් මෙම නීති විරෝධී ක්‍රියාවට පෙළඹෙන අතර ඔවුන් ගැන ද තම නිලධාරින් අවධානයෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඇඳිරි නීතියට මුවාවී වැලිකන්දේ ඉඩම් කොල්ලකති
ravi Sunday, 10 May 2020 10:17 AM
වෙඩිතියන්න හොඳම වෙලාව ..
ජයම්පති Sunday, 10 May 2020 02:34 PM
ඉතින් දේශපාලකයා කව්ද කියලා කියන්න. මේ නීතිවිරෝධී ක්‍රියාව මේ මෑත කාලයේ කීප වතාවක් සිද්ද වුණානේ. අධිකරණ නියෝග පවා දුන්නනේ. කවුද ඉතින් ඊටත් වඩා ඉහලින් ඉන්න දේශපාලන බලවතා...
Raveendra Sunday, 10 May 2020 03:18 PM
අප රටේ චිරාත් කාලයක් සිදුවුවාසේම අදත් එයම සිදුවෙමින් පවතී. පිටුපස සිටින්නේ දියවන්නාව පට්ටියේ 225 න් එක අයෙක් විය යුතුය. නුඹලා ඉඩම් අල්ලගනිල්ලා අපි බලයට ආවම ඒ ඉඩම්වල අයිතිය අපි දෙන්නම්. අපිව බලයට පත්කරපල්ලා... මෙය තමයි දහස් ගණනාවක්ම අප රටේ සිද්දවුනේ. දැන් වෙන්නෙත් එයයි. හොදම මෙන්ම සරල උදාහරණය විල්පත්තුව නොවේද? මෙම ජඩ වැඩ දැන්වත් නවත්වන්නේ නම් අනාගත පරපුරට සැනසිල්ලේ ජීවත්වීමට රටක් ඉතුරුවෙනු ඇත. කොදු පණනැති අය පාලනාධිකාරියට ආවේ කොතනද? එතන විනාශයකි. මෙයයි යතාර්ථය. කාරුණිකව මෙම අදහස් මධ්‍යස්ථව සිතමු.