(තිලකරත්න දිසානායක)

කොරෝනා ආසාදිත දිවුලපිටිය කාන්තාව හමුවීමෙන් පසු දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය පැනවීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.


දැනට ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන ඇති බව පැවසූ දිස්ත්‍රික් ලේකම් සඳහන් කර සිටියේ ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් පසුගිය කාලයේ මෙන් ආහාර ද්‍රව්‍ය ගම් මට්ටමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.


මේ අතර දිස්ත්‍රික් ලේකම් සඳහන් කර සිටියේ, පසුගිය කාලයේ දී සමාජයේ සෞඛ්‍යාරක්ෂිත පියවර පිළිබඳ එතරම් සැළකිල්ලක් බොහෝ දෙනෙකු නොදැක්වූ බවත් මුලදී තිබූ සමාජ දුරස්ථභාවය, අත් සේදීම, මුඛ ආවරණ භාවිතය මෑතදී තරමක් අඩු  වූ බැවින් ඒ පිළිබඳ ව නැවතත් අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවයි.